රටට වින කපන, මිනිස්සුන්ට බබා පාට් දාන සුර සැප විදින්න බලය ඉල්ලන දේශ+කාපාලුවෝ

රපේ රටට මොන තරම්නම් පෞඩ ඉතිහාසයක් තියෙනවාද..?
ලෝකයේ අන් කිසිම රටක නැති විදිහේ සුන්දරත්වයක් අපේ රටේ තියෙනවද..?

ඉංග්‍රීසි බෙහෙතට හොද කරන්නට බැරි ලෙඩ සුව කරන්න දේශීය ඖෂධ බෙහෙත් පැලෑටි මේ මහ පොළවේ තියෙනවද..?
කිසිම ස්වභාවික ව්‍යසනයක් ලේසියකින් සිදුනොවන මේ රට කොයි තරම්නම් පිංවන්තද..?

ඒ පිංවන්ත භූමිය අද කොයි තරම්නම් අපිරිසිදුදද..? එයට වගකිව යුත්තේ කවුද..?

රටට ඇත්තටම ආදරේ කරන්න මිනිස්සු අද ඇත්තෙම නෑ කිව්වොත් හරියට හරි..

දේශය පාලනය කරන්න මිනිස්සුන්ගේ බලය මතින් පාර්ලිමේන්තුවේ අසුන් ගන්න කී දෙනෙක්නම් මේ රටට සාධාරණයක්, සුගතියක් ඉටු කරලා තියෙනවද..?

අහිංසක මිනිස්සුන්ගේ ඡන්දේ ඉල්ලන්න දෙපතුල ළඟට එන දේශ පාලකයාගෙන් සාධාරණ යුක්තියක් වැඩක් කරගන්න අහිංසක මිනිස්සු කොයි තරම්නම් රස්තියාදු වෙනවාද..?
ඒ දේශපාලකයා ළඟ කී වතාවක් දනින් වැටෙන්න වෙනවද..?

ඒ දේශපාලකයාට වඩා බලපුළුවන්කාරකම් පෙන්වන ලේකම්වරු ආරක්ෂකයෝ, කාර්යාල සේවකයන්ගේ ගෑස් බලන්න මේ අහිංසක මිනිස්සුන්ට සිද්ධ වෙනවද..?
මොන වැරැද්ද කළත් ඒක හරි කියලා දකින ඒ දේශපාලකයාව රකින වටේ ඉන්න ගැත්තෝ කොයිතරම්නම් අපි අතර ඉන්නවද..?

ඇමතිතුමාගේ බලයට, ලොකුකමට ඕනම කැත වැඩක් නියමයි සර් කියන්න තරම් මිනිස්සු අද පත්වෙලා තියෙන්නේ කොයි වගේ තත්ත්වයකට.
මිනිසුනේ ඔබලටත් අපේ දරුවන්ටත් අනාගතයක් ඕනේ නැද්ද..?

ඡන්දෙකට කෝටි ගණන් වියදම් කරන, පෝස්ටර් ගහන, සංගීත සංදර්ශන පවත්වන, සිමෙන්ති කොට්ට තහඩු බෙදන මන්ත්‍රීවරු කී දෙනෙක් පසුගිය කොවිඩ් කාලෙදි ඔබේ ගෙදරට එක වේලක් කන්න එළුවළු පාර්සලයක් එව්වද..?

ඔබලගේ ගමට ඇවිත් අඩුපාඩුකම් ප්‍රශ්න ගැටලු ගැන අහලා බැලුවද..?

තමන්ගෙම හදවතට තට්ටු කරලා මේ ගැන අහලා බලන්න..

දැන්වත් මේ පාට මාරු දේශපාලනය පැත්තකට දාලා බුද්ධියෙන් තීරණ ගන්න පුළුවන් තැනට ඔලුව හදාගන්න..

අද මනුස්සයෙකුට ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් තියෙනවද..?

සමහර වෙලාවට මිනිස්සුන් වෙනුවෙන් දාහක් දේවල් කරන්න තියෙද්දි නිකරුනේ රජයේ සල්ලි වියදම් කරලා කරන වැඩ මේ වෙලාවේ ප්‍රායෝගිකද..?

හදන පාරක් පාරක් ගානේ, ගොඩනැගිල්ලක් ගොඩනැගිල්ලක් ගානේ ඇමතිවරුන්ගේ බෝඩ් ගහලා..

ඒ බෝඩ්වලට යන සල්ලිවලින් මිනිස්සු කී දෙනෙකුට කන්න දෙන්න පුළුවන්ද..?

ඒ බෝඩ් ගහන්න ඒවට ෆොටෝ දාන්න කවුද මේවට සල්ලි වියදම් කරන්නේ.. ඒ දේශපාලඥයද..? පෞද්ගලික මුදල්ද..?

ඔබෙත් මගෙත් බදු මුදලින් හදන පාරට, ගොඩනැගිල්ලට තමන්ගේ ෆොාටෝ එක දාලා නම දාලා පාරේ ගහන්න තරමට ඔවුන්ට ලැජ්ජාවක් ගෑවිලා නෑ..

එදාට හරි උජාරුවට ඔබේ ගමෙත් දේශපාලන වන්දි බට්ටෝ කී දෙනෙක් මල් මාලා දාලා පිළිඅරන් අර බෝඩ් එක විවෘත කරනවද..?
රටේ සම්පත් දවසින් දවස නැතිවෙනවා..

මේ රටේ මිනිස්සුන්ට මොනවද කරන්න බැරි..?

කොයි තරම්නම් නිපැයුම් කරන්න දැනුමක් තියෙන මිනිස්සු අපේ රටේ ඉන්නවද..?

හැබැයි ඒ එක්කෙනෙකුටවත් අත දෙන දේශපාලඥයෝ ඉන්නවද..?

අද ආයතනයකට ගියොත් කී වතාවක්නම් රස්තියාදු කරනවද ඒ වැඩේ කරගන්න.. සමහර වෙලාව යාපනේ ඉදන් කොළඹ එන මනුස්සයව පැයේ වැඩේට කී දවසක් ගෙන්නනවද..?
රුපියල් 500 ක් දාහක් අතමිට මෙලෙව්වම මොනවද කරගන්න බැරි…?

ගෙදරකට ගෙපලක් කපන්න පර්මිට් එකක් ගන්න ගියොත් මොන තරම්නම් ලියකියවිලි ඕනද..?

පර්මිට් දෙන්නේ නැද්ද..? හැබැයි ඡන්දෙට වැඩ කරපු මිනිස්සු කී දෙනෙකුට පස් පර්මිට් දීලා තියෙනවද.. ඒ අයතනවල මිනිස්සු හැදි දෙකකින් මිනිස්සුන්ට බෙදනවා කියන එක අහන්නත් දෙයක්ද..

තිත්ත ඇත්ත මේකයි… මිනිහෙකුට ගහපු කොස්තාපල් හවස් වෙද්දි ගෙදර යවද්දි තරු ගහපු රාජ්‍ය ලාංඡන ගහපු ලොක්කෝ මිනිහෙකුට ගැහුවම හවසට ට්‍රාන්සර් එකක්..
නීති දෙකක්..

මේක මේ සුන්දර රටේ තත්ත්වය..

හෙටට රටක් මනුස්සකමක් බැදීමක් නැතිවෙන්නේ බලධාරීන්ගේ ක්‍රියාකලාප නිසයි.

ඒ තැනට මිනිස්සුන්ගේ ඔලුව වෙනස් කරන්න අද ටීවී චැනල්, පත්තර වෙබ් සයිට් උත්සහ කරනවා..

තමන්ගේ පවුල, තමන්ගේ දරුවෝ වෙනුවෙන් සුන්දර රටක් බිහි කරන්න වරද වරද හැටියට දකින මිනිසුන් ටිකක් බිහිවෙන්න දේශපාලකයාගේ වහසි බස්වලට නොරැවටී ජීවත් වෙන්න අපි සැවොම බුද්ධිමත්ව කටයුතු කරමු…

සටහන – ගොසිප් ලංකා නිව්ස්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනාගෙන් උගන්ඩා අක්කට සැර හින්ට් එකක්..Underwear එකේ ඉදන් අරන් තියෙන්නේ ණයට නේද?
03:37
Video thumbnail
මෝ#යෙක් නොවී වාඩිවෙනවා ඕයි..කෝට්බෝට් දාන් හිටියට තමුන් මහ හොරෙක්..චමින්දගෙන් මහින්දට සැර සත්තමක්
02:38
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට..Mask එකත් දාගෙන යන හැටි
01:31
Video thumbnail
මහින්දගේ නම ඇහුනම ගොඩක් අයට මූත්‍රා යනවා..අර්චුනාගෙන් සැර කින්ඩියක්
01:08
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32


?