ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 19න්

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 19ක් වාර්තාවී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ 29 තහවුරු කළ මෙම මරණ අතර කාන්තාවන් 7ක් සහ පිරිමි පුද්ගලයන් 12ක් වනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 13725ක් ලෙසටයි.

වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් වාර්තාවී නැහැ.

අවුරුදු 30 සහ 59 අතර මරණ 7ක් වාර්තා කර ඇති අතර ඒ කාන්තාවන් 2ක් සහ පිරිමි පුද්ගලයන් 5ක් වශයෙන්.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 12ක් වනවා. ඒ අතර පිරිමි 7ක් සහ කාන්තාවන් 5ක් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මේ අතර ශ්‍රී ලංකාවෙන් මේවන විට කොරෝනා වෛරස් ආසාදිතයන් 539416ක් හඳුනාගෙන ඇති අතර ඉන් 13229ක් රෝහල්ගතව හෝ නිවෙස්වල ප්‍රතිකාර ලබමින් පසුවනවා. සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛයාව 512481ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?