පුංචි තිරයේ සුන්දරතම නිළියක් තමයි ආශා එදිරිසිංහ කියන්නේ. ඇගේ සුන්දර රැඟුම් නිසාම රසිකයින් බොහෝ දෙනෙක් ඇයට ආදරය කරනවා. පසුගිය දවසක ඇගේ උපන්දිනය යෙදිලා තිබුණා. උපන්දිනය දවසේ ආශා මුහුණු පොතට සංවේදී සටහනක් එකතු කරලා තිබුණා.මේ තියෙන්නෙ ඒ සටහන…
මගේ පලවෙනි උපන් දිනයට මගේ තාත්තා ගෙන් ලැබුනු උපන් දින සුභ පැතුම්පතත්
මගේ හතරවන උපන් දිනය වෙනුවෙන් තාත්තා දුන් මේ බැලේ ගවුමත් මා ගාව තාමත් ආදරණීය මතකයන් ලෙස තිබුනත්…අද මගේ තාත්තා මා ගාව නෑ..
ඉතිං හැමදාම මගේ උපන් දිනය දවසට…තාත්තා මට පලවෙනි උපන් දිනය වෙනුවෙන් එවූ මේ ආදරණීය සුභ පැතුම
මුලින්ම මං කියවනවා…
අද උදෑසනම අම්මාගෙන් ලද මේ උපන් දින සුභ පැතුමත්…
මගේ පලවෙනි උපන් දිනයට තාත්තාගෙන් ලැබූ උපන් දින සුභ පැතුමත්…මගේ අද දවස සුවදවත් කරා….








