නැවතත් කොවිඩ් රැල්ලක් සෞඛ්‍ය අංශ මගින් අනතුරු ඇඟවීමක්

දෙසැම්බර් මාසය වන විට කොවිඩ් ආසාදිතයින් වාර්තාවිම යළි ඉහළ යාමේ අවදානමක් පවතින බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවයි.

සංචරණ සීමා ඉවත් කිරීමත් සමග ජනතාව සෞඛ්‍ය උපදෙස්වලින් බැහැරව කටයුතු කිරීම හේතුවෙන් එම තත්ත්වය උදාවනු ඇති බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“රට විවෘත කරාට පස්සේ මහජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිනොපඳිමින් කටයුතු කිරීම නිසා යම්තරමක වැඩිවීමක් මේ වෙද්දි ආසාදිතයින්ගේ සහ මරණවල පෙන්නුම් කරනවා. විශේෂයෙන් ම අපි දැක්කා පසුගිය සති අන්තය පුරාවටම මහජනතාව සෞඛ්‍ය උපදෙස් කිසිවක් පිළිනොපඳිමින් දීර්ඝ සංචාරවල නිරත වෙනවා. ඒ වගේම බීච් පාටි වැනි පාටි පවත්වලා සෞඛ්‍ය උපදෙස් කඩකරමින් රෝගය පැතිරෙන ආකාරයට කටයුතු කරනවා. ඒ නිසා ඉදිරි සති දෙකෙන් පස්සේ, තවදුරටත් රෝගීන් වැඩිවීමට නියමිතයි මේ පැවතුන තත්ත්වය මත. ඒ වගේම දැනට එන්නත් ආවරණය යම් ප්‍රමාණයකට තියෙන නිසා රෝගීන් සංඛ්‍යාව මරණ කරා ගෙනයෑම යම් තරමකට අවම වෙයි. නමුත් පොකුරු වර්ධනය වෙලා රෝගීන් සංඛ්‍යාව දෙසැම්බර් මාසය වෙද්දි වර්ධනය වීමේ වැඩි හැකියාවක් තියෙනවා. මේ වෙද්දි මුහුණු ආවරණ පැලඳීම, ඒ වගේම අනෙකුත් සෞඛ්‍ය උපදෙස් පිළිපැඳීම ඉතාම දුර්වල මට්ටමේ රට තුළ පවතින්නේ. මේ කාලය ගෙවපු ආකාරයට දෙසැම්බර් මාසයේ අනිවාර්යයෙන් ම රෝගීන් වැඩිවෙනවා. ඒ එක්කම දෙසැම්බර් උත්සව සමයත් ගතකරන්න ගත්තොත් ඉදිරි වසරත් අපිට ගෙවන්න වෙන්නේ ව්‍යවසනයක් එක්ක තමයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ රජය බිම හිටියට දැන් බිම අඳුරන්නේ නෑ.. හොරු හොරු කිව්වා තාම අල්ලපු හොරෙකුත් නෑනේ
03:59
Video thumbnail
මම බයත් නෑ මම ණයත් නෑ..මම කාටවත් කඩේ ගිහින් නෙවෙයි මේවා කලේ..
03:00
Video thumbnail
මම මාලිමාවට කඩේ යන්නෙ නෑ..දේශපාලකයින්ට කට උත්තර නැතිවෙන්නම් රාහුල හිමි දෙසයි..
03:52
Video thumbnail
අල්පේජ්ජතාවය නිසා රාහුල හිමිට යකා නගියි..උණුසුම් තත්ත්වයක්..රත්තරං මාළිගාවලනේ බුදු හාමුදුරුවෝ හිටියේ
08:42
Video thumbnail
බණ අහන රටම මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද ?බණ අහලා හැදිච්ච එකෙක්වත් නෑ
03:15
Video thumbnail
ඇයි අටමස්ථානාධිපති ධුරයෙන් ඉවත් නොකරන්නේ ?සමාජ මාධ්‍යයේ කෑගැහුවට වැඩක් නෑ
01:47
Video thumbnail
බාල වයස්කාර දැරියගේ සිද්ධිය ගැන වනවාසි රාහුල හිමි කට අරියි..ප්‍රබල තැනක් නිසා කතා කරන්න බයක් ඇති
04:56
Video thumbnail
Praharaya| ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසි රාහුල හිමි සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:21:21
Video thumbnail
සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර දෙන එක රජයේ වගකීමක් නෙවෙයි..රජයක් ඉන්නේ නැකැත් දෙන්නද ?
03:05
Video thumbnail
ඇයි දෙයියනේ සංඝාධිකරණ පනත ගේන්න බැරි..අවුරුදු ගාණක් ආණ්ඩු තටබනවා.. ඔක්කොම මේකෙන් සුද්ද වෙනවා
04:13