හොර සල්ලි බව පවසා රුපියල් ලක්ෂ 10කට විද්ද පොලිස් ස්ථානාධිපති අත් අඩංගුවට

වාහනයක් මිලදි ගැනිමට පැමිණි පුද්ගලයකුගේ රුපියල් දස ලක්ෂයක් කොල්ලකෑවයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වඳුරඹ පොලිසියේ අපරාධ විමර්ශණ අංශයෙ ස්ථානාධිපතිවරයා අත් අඩංගුවට ගත් බව නාගොඩ පොලිසිය පවසයි.

මෙම ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා මෙයට පෙර මහරගම සේවය කරමින් සිටියදි වාහනයක් මිලදි ගැනිමට අවශ්‍යව සිටි පුද්ගලයකු මීගොඩ ප්‍රදේශයේ වාහන බ්‍රෝකර්වරයකු මාර්ගයෙන් කලුතර ප්‍රදේශයට ඉකුත් 11 වැනි දා ගෙන්වා ගෙන ඇතැයි පොලිසිය කියයි.

ඒ අනුව කලුතරට පැමිණි පසු ගාල්ලට මෝටර් රථයකින් රැගෙන යන අතරමගදී ත්‍රි රෝද රථයකින් පැමිණි සැකකාර පොලිස් නිලධාරියා මෝටර් රථය නවතා එයට ගොඩවි හොර සල්ලි තිබෙන බව පවසා රුපියල් ලක්ෂ දහය ඔහුගේ බාරයට ගෙන දවස් පහකින් උත්තරයක් දෙන බව බව පවසා අතර මගට ගෙනැවිත් දමා පලාගොස් ඇත.

පසුව එම පුද්ගලයා පොලිසියට කරන ලද පැමිණිල්ල අනුව ගාල්ල පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිංහ මහතා  පරික්ෂණ පවත්වා ප්‍රකාශ සටහන් කරගැනිමෙන් පසු සැකකාර ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා අත් අඩංගුවට ගෙන ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?