අනුරාධපුර සාම විහාරයේ සිටි පාසල් දරුවා පැහැරගෙන

අනුරාධපුර සාම විහාර විහාරස්ථානයේ තාවකාලිකව නාවාතැන් ගෙන සිටි බාලවස්කාර පාසල් සිසුවකු පැහැරගෙන ගිය බවට සැකකරනා විහාරස්ථානයට ආ ගිය කම්කරුවකු අත්අඩංගුවට ගැනීම සදහා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය (23දා) උදෑසන විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබේ.

අනුරාධපුර තුන්වන පියවර ජයසිරිපුර ලිපිනයේ පදිංචි 12 හැවරදි බාලවයස්කරුගේ මව වන එන්.ටී.එම් නදිෂා උපමාලි මහත්මිය විසින් ළමා හා කාන්තා කාර්යංශයට පසුගිය 22දා රාත‍්‍රීයේ කළ පැමිණිල්ලකට අනුව පරික්ෂණ ආරම්භ කර තිබෙනා බව පොලිසිය පැවසීය.

අතුරුදන්ව ඇති බවට සැකකරනා සිසුවා මාස දෙකක පමණ කාලයක සිට සාමවිහාර විහාරස්ථානයේ වැඩ සිටිනා සිය මාමා (මවගේ මල්ලි* වන හිමිනම සමග සිට ඇති බවත් අතුරු දන්වූ සිසුවාගේ බාල සහෝදරයාත් එම විහාරස්ථානයේම මාස දෙකක කාලයක් සිට ඇති බව පොලිසිය පවසයි.

සිසුන් දෙදෙනාට පාසල් නිවාඩු ලැබි තිබීම හා පවුලේ අගහිගකම් නිසා හිමිනම ඔවුන් විහාරස්ථානයේ රදවා ගෙන සිටි ඔවුන් රැුකබලාගෙන ඇති බව පොලිසිය පවසයි.සිද්ධිය සිදුවීමට දින කිහිපයකට ඉහත සිට විහාරස්ථාන භූමිය ශුද්ධ පවිත‍්‍ර කිරීමට පුද්ගලයෙකු පැමිණ තිබෙනා බවත් අතුරුදන්වු සිසුවා සමග ඔහු හිතවත් කමක් ඇති කර තිබෙනා බව පොලිසිය පවසයි.

එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ඉන්දියාවේ ගොස් මෙරටට පැමිණිම නිසා උන්වහන්සේව විහාරස්ථානයට රැුගෙන ගෙන ඒ්මට සිද්ධිය වූ දිනයේ විහාරවාසිව සිටිනා සිසුන්ගේ මාමා වන හිමිනම කටුනායක ගුවන් තොටුපලට ගොස් ඇති බව පොලිසිය සිදුකළ පරික්ෂණ වලදි අනාවරණයවී තිබුණි.

සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ සිදුකරනා ළමා හා කාන්තා කාර්යංශය පවසන්නේ ඔහු කිසියම් ප‍්‍රදේශයකට දරුවා රැුගෙන ගොස් සැගවි සිටිනා බවට සැකකරනා බවයි.සැකකරු සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්ථා කර ඉදිරි විමර්ශන සිදුකරනා බව පොලිසිය පවසයි.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක චන්ද්‍ර සේකර මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යංශයේ වැඩ බලන ස්ථනාධිපති පොලිස් පරික්ෂක බස්නායක මහතා ඇතුළු පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකරති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ රජය බිම හිටියට දැන් බිම අඳුරන්නේ නෑ.. හොරු හොරු කිව්වා තාම අල්ලපු හොරෙකුත් නෑනේ
03:59
Video thumbnail
මම බයත් නෑ මම ණයත් නෑ..මම කාටවත් කඩේ ගිහින් නෙවෙයි මේවා කලේ..
03:00
Video thumbnail
මම මාලිමාවට කඩේ යන්නෙ නෑ..දේශපාලකයින්ට කට උත්තර නැතිවෙන්නම් රාහුල හිමි දෙසයි..
03:52
Video thumbnail
අල්පේජ්ජතාවය නිසා රාහුල හිමිට යකා නගියි..උණුසුම් තත්ත්වයක්..රත්තරං මාළිගාවලනේ බුදු හාමුදුරුවෝ හිටියේ
08:42
Video thumbnail
බණ අහන රටම මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද ?බණ අහලා හැදිච්ච එකෙක්වත් නෑ
03:15
Video thumbnail
ඇයි අටමස්ථානාධිපති ධුරයෙන් ඉවත් නොකරන්නේ ?සමාජ මාධ්‍යයේ කෑගැහුවට වැඩක් නෑ
01:47
Video thumbnail
බාල වයස්කාර දැරියගේ සිද්ධිය ගැන වනවාසි රාහුල හිමි කට අරියි..ප්‍රබල තැනක් නිසා කතා කරන්න බයක් ඇති
04:56
Video thumbnail
Praharaya| ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසි රාහුල හිමි සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:21:21
Video thumbnail
සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර දෙන එක රජයේ වගකීමක් නෙවෙයි..රජයක් ඉන්නේ නැකැත් දෙන්නද ?
03:05
Video thumbnail
ඇයි දෙයියනේ සංඝාධිකරණ පනත ගේන්න බැරි..අවුරුදු ගාණක් ආණ්ඩු තටබනවා.. ඔක්කොම මේකෙන් සුද්ද වෙනවා
04:13