පාකිස්ථානය ඉන්දියාවට එරෙහිව ලැබූ විශිෂ්ඨම ජයග්‍රහණය

ICC විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ අද පැවති තරගයේදී ඉන්දියාව කඩුලු 10කින් පරාජය කරමින් පාකිස්ථානය විශිෂ්ඨ ජයක් ලැබීමට සමත්වූවා.

විස්සයි 20 ලෝක කුසලාන තරග ඉතිහාසයේ ඉන්දියාව පරාජය කරමින් පාකිස්ථානය වාර්තා කළ පළමු ජයග්‍රහණය ලෙස මෙය සටහන් වනවා. මිට පෙර ලෝක කුසලාන ක්‍රිකට් තරග වලදී අවස්ථා 07කදී ඉන්දියාව සහ පාකිස්ථානය මුණ ගැසී ඇති අතර එම සෑම තරගයක්ම ඉන්දියාව විසින් ජයග්‍රහණය කිරීමට සමත් වුවා.

ඩුබායි හි පැවති තරගයේදී කාසියේ වාසිය දිනු පාකිස්ථාන නායක බාබර් අසාම් විසින් පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දියාවට ආරාධනා කළා. ඉන්දීය කණ්ඩායම සිය පන්දු ඕවර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 151ක් රැස් කර ගනු ලැබුවා.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට නායක විරාට් කෝලි සම්ත්වුවා. කෝලි ලකුණු 57ක් රැස් කර ගනු ලැබූ අතර රිශාබ් පාන්ට් ලකුණු 39යි. පාකිස්ථානය වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරතවු ෂාහින් අෆ්රිඩි ලකුණු 31කට කඩුලු 03ක් දවා ගනු ලැබුවා.

ලකුණු 152ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය පාකිස්ථාන කණ්ඩායම පන්දු ඕවර 17.5ක් තුලදී සිය ඉලක්කය සපුරා ගනු ලැබුවේ කිසිදු කඩුල්ලක් නොදැවී වීමද විශේෂත්වයක්. ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි නායක බාබර් අසාම් නොදැවී ලකුණු 68ක් සහ මොහොමඩ් රිස්වාන් නොදැවී ලකුණු 79ක් රැස් කර ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැසිල්ගේ යැයි පැවසෙන මල්වානේ නිවස අන්තරේ ඇවිත් වටලයි..මෙන්න නවතම දර්ශන..මෙතන මර්දනය කරන්න එපා
Video thumbnail
වහාම ටිල්වින්ව අත්අඩංගුවට ගන්න - නිල නොවන ජනාධිපති ටිල්වින් සිල්වා
07:41
Video thumbnail
ඇල්ලේ සංචාරයට ආ කපල් බිය ගන්වා කැත වැඩ කරපු සැකකරුවන් දෙදෙනෙක් කොටුවෙයි
01:13
Video thumbnail
පුනර්ජනනීය විදුලි නිෂ්පාදකයින්ට පොලු තියලා - මේක රට බංකොළොත් කරන ඉඟියක්ද ?
04:17
Video thumbnail
ඇස් පනාපිටම ඇළට කඩා වැටුණු වෙළෙඳසැල..මෙන්න කැමරාවේ පටිගතවූ දර්ශන
01:14
Video thumbnail
ගමම සලිත කරමින් බඹරැහීකඩ සමූපකාරය අසලින් හමුවූ අභිරහස් නිසල සිරුර..
00:47
Video thumbnail
ගවයෝ ටික ගවයෝම පුනරුත්තාපනය කරනවා..අතුල රන්ජන් ජයලාල්ට දැම්ම සැර සත්තම
03:04
Video thumbnail
මුජිබුර් ගල් අඟුරු ගැන සැරටම කිව්ව කතාව..තමන්ට වෙන නීතියක් විරුද්ධ පක්ෂයට වෙන නීතියක්..
05:21
Video thumbnail
ලොරි රථයක් ලංගම බසයක වැදී සිදුවූ බිහිසුණු අනතුර..කොන්දොස්තර තුවාල ලබා රෝහලේ
01:02
Video thumbnail
අධිවේගී මාර්ගයට අදත් මහ වැසි කඩා හැලුණු හැටි..කොහොමද වහින වැස්ස
01:48