මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සමුදෙයි

ලෝක කුසලාන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රිකට් උපදේශකවරයෙකු ලෙස සේවය ලබාදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ පරිණත පුහුණුකරුවකු වන මහේල ජයවර්ධනගේ සේවා කාලය අදින් නිමා වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කළා.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට ප්‍රථම ඩුබායි රාජ්‍යයේ පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සේවය කළ මහේල ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායමට උපදේශකත්වය ලබා දුන්නා.

කිසිදු මුදල් අයකිරීමකින් තොරව සිදු කළ මෙම උපදේශකත්වය පළමු වටයේ තරග සඳහා පමණක් ලබාදෙන බව මහේල ජයවර්ධන මීට පෙර ද ප්‍රකාශ කර සිටියා.

කෙසේ වෙතත් මහේලගේ ගුරුහරුකම් මැද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේදී ඉතා ඉහළ දස්කම් දක්වමින් තරග දෙකක් ජයග්‍රහණය කරනවිටත් සුපිරි කණ්ඩායම් 12 අතරට පිවිසෙන්නට සුදුසුකම් සම්පූර්ණ කරගත්තා.

මහේල කණ්ඩායමට ලබාදුන් සේවය පිළිබඳ අදහස් දැක් වූ කණ්ඩායමේ ක්‍රීඩකයින් බොහෝ දෙනෙක් කියා සිටියේ, ඔහු කළමනාකාරීත්වයේ සිටීම තමන්ට මහත් මානසික ශක්තියක් ගෙන දුන් සිදු වීමක් වූ බවයි.

එමෙන්ම තරගයේ රටාව අනුව අවශ්‍ය තීන්දු තීරණ ගනිමින් පිතිකරු ලැයිස්තුව සහ පන්දු යැවීමේ අනුපිළිවෙළවල් වෙනස් කරමින් ඔහු ලබා දුන් මඟ පෙන්වීම ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙතෙක් සාර්ථකත්වයට මහත් පිටුබලයක් වූ බවයි ඔවුන්ගේ අදහස.තරගාවලිය අතරතුර අදහස් දැක්වූ නවක දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂන කියා සිටියේය මහේල ජයවර්ධනගේ උපදේශන සේවාව ලෝක කුසලාන තරගාවලිය නිමාවන තුරු ලබන්නට තිබුණා නම් එය මහත් ශක්තියක් සහ කණ්ඩායමට ආශිර්වාදයක් වනු ඇති බවටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
26
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නව විගණකාධිපතිවරයා තෝරා පත්කර ගනී.."කොහොමත් ජනපති දැම්ම කෙන තමයි පත් කරන්නේ.."
01:08
Video thumbnail
එළියට ආ නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
05:56
Video thumbnail
අපිට සතුටුයි..විධායක ජනපති හැටියට දුන්න පොරොන්දුවලට..මාරාන්තික උපවාසය තාවකාලිකව නවත්වයි
06:16
Video thumbnail
CIDයෙන් එළියට ආ නාමල්ව ජන ගඟක් වටකරගනී
03:49
Video thumbnail
මිහින්තලේ හිමි සහ සමන්තභද්‍ර හිමි කටුසෑය වන්දනා කිරීමට එයි..මිහින්තලේ ඝංඨාරය උමංදාවට ඇහෙනවා
11:33
Video thumbnail
අධිකරණ ඇමති ඉන්නේ ප්‍රේමදාස දීපු ගෙදරේ
10:21
Video thumbnail
ජය ඝෝෂා මැදින් ශිරන්ති එළියට ආ හැටි - ලක් අම්මට ජයවේවා
01:29
Video thumbnail
ආණ්ඩුවට රාජපක්ෂ භීතිය..රාජපක්ෂ භීතිය..2015ත් ඔය රංගනය තිබ්බනේ..ඕක අපිට ප්‍රශ්නයක් නෙවෙයි
01:20
Video thumbnail
මට මහින්ද ජයසිංහව ගෙදරින් යවන්න පුළුවන්
09:49
Video thumbnail
නාමල්, ශිරන්ති එළියට එනකල් බලන් ඉන්න 'පිං පොං' දසමහ යෝධයෝ ටික ගේමට බැහැලා ඉන්නේ
02:35


?