ශ්‍රී ලංකාව සුපිරි කණ්ඩායම් 12 වටයට

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ‘ඒ’ කාණ්ඩය යටතේ අයර්ලන්තය සමග පැවැති තරගයෙන් ලකුණු 70ක පහසු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාව ලබන 23 වැනිදා ආරම්භ වන අදාළ ලෝක කුසලාන ප්‍රධාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමට ඊයේ (20 වැනිදා) සමත් විය.

ශ්‍රී ලංකාවට තවත් කාණ්ඩ තරගයක් ඉතිරිව තිබියදීම මෙම අවස්ථාව උදාකර ගැනීම විශේෂත්වයකි. ඒ අනුව ‘ඒ’ කාණ්ඩයෙන් ප්‍රධාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම කවුරුන්ද යන වග හෙට (22 වැනිදා) නැමිබියාව සහ අයර්ලන්තය අතර පැවැත්වෙන තරගයෙන් තීරණය වනු ඇත.

කඩුලු 07ක් දැවී ශ්‍රී ලංකාව ලබාදුන් ලකුණු 172ක ජයග්‍රාහී ඉලක්කය හඹායාම සඳහා පිටියට පිවිසි අයර්ලන්ත පිලේ මුල් කඩුලු 3 ලකුණු 32කදී දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

අනතුරුව අයර්ලන්ත මැද පෙළ ශක්තිමත් කරමින් නායක ඇන්ඩි බල්බි්‍රනි සහ කර්ටිස් කැම්පර් සිව්වැනි කඩුල්ල සඳහා පන්දු 51කදී ලකුණු 53ක සබඳතාවයක් පිහිටවුවද එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය. මහීෂ් තීක්ෂණ එවූ 12වැනි පන්දුවාරයේ 5 වැනි පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් කර්ටිස් කැම්පර් ලකුණු 24කට දැවී ගියේය. අයර්ලන්ත කණ්ඩායමේ අවසන් කඩුලු 6 ලකුණු 16ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

අබුඩාබි ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසිය වාසිය දිනාගත් අයර්ලන්ත නායක ඇන්ඩි බල්බි්‍රනිගේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට උදා විය.

වේග පන්දු යවන්නෙකු වෙනුවට දඟ පන්දුව කෙරෙහි විශ්වාසය තැබූ අයර්ලන්ත නායකයා පළමු පන්දුවාරය යැවීමේ වගකීම කණ්ඩායමේ අත්දැකීම් බහුල තුන් ඉරියව් ක්‍රීඩක පෝල් ස්ටර්ලින් අත තැබීය. නායකයාගේ විශ්වාසය පලුදු නොකළ ස්ටර්ලින් යැවූ දෙවැනි පන්දුවේදීම කුසල් ජනිත් පෙරේරා ලකුණු ලබා ගැනීමට පෙරම ක්‍රීඩාගාරයේ අසුන් ගැන්වීය. ගැරත් ඩෙලනි විසින් ශෝට් කවර්හි සිට රැකගත් විශිෂ්ඨ උඩ පන්දුව හමුවේ කුසල්ගේ ඉනිම නිමා විය.

ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් විසින් තරගයට පෙර දිනයේ (19 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී වැඩි විශ්වාසයකින් යුතුව කතා කළ දිනේෂ් චන්දිමාල් ඊයේ (20 වැනිදා) දිනයේදීද සුපුරුදු නීරස පිති ප්‍රහාරයේ නිරත වෙමින් රැස්කර ගත්තේ ලකුණු 06ක් පමණි. ජෝස් ලිට්ල් එවූ පන්දුවක් පිත්තේ කොනක වැදී කඩුල්ලේ වැදීමත් සමග චන්දිමාල් ක්‍රීඩාගාරය වෙත ගමන් කළේය.

ජෝස් ලිට්ල් විසින් ඉන් අනතුරුව දෝලණයක් සහිතව එවූ පන්දුව, වර්තමාන ශ්‍රී ලංකා පිලේ විශ්වසනීයම පිතිකරුවා වන අවිශ්ක ප්‍රනාන්දුගේ කඩුල්ලටම යොමු වීමත් සමග ශ්‍රී ලංකාව තවදුරටත් පීඩනයට නතු විය.

ලකුණු 8කදී කඩුලු 3ක් දැවී පවතින මොහොතක දිගින් දිගටම ලකුණු ලබා ගැනීමේ අභියෝගයකට මුහුණ දී සිටි වනිඳු හසරංග නොම්මර 5 පිතිකරු වශයෙන් උසස් වීමක් ලබා ස්ථාන දෙකක් ඉදිරියෙන් පිටියට පැමිණියේය.

ශ්‍රී ලංකා ලකුණු පුවරුව පන්දුවාර 5ක් අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 30ක් වශයෙන් දැක්විණි. අනතුරුව දඟ පන්දු යවන සිමී සිංග් විසින් යැවූ 06 වැනි පන්දුවාරයේ අවසන් පන්දු 4ට හතරේ පහර 4ක් එල්ල කරමින් පවර්ප්ලේ අවස්ථාව අවසන් වන විට ශ්‍රී ලංකා ලකණු පුවරුව 47ක් දක්වා ඉහළ නැංවීමට වනිඳු හසරංග වගබලාගත්තේය.

එහිදී හතරේ පහර 07ක් සහ හයේ පහරක් සමගින් පන්දු 38කදී වනිඳු විසින් සිය විස්සයි විස්ස දිවියේ කුලුදුල් අර්ධ ශතකය සම්පූර්ණකර ගැණින. මාක් ඇඩයර් එවූ පන්දුවක් හමුවේ ක්‍රෙයිග් යන්ග් අතට උඩ පන්දුවක් ලබා දී දැවී යන විට පන්දු 47කට මුහුණ දී සිටි වනිඳු හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමගින් ලකණු 71ක් රැස්කර ගත්තේය.

ඒ වන විට වනිඳු සහ පැතුම් යුගලය සිව්වැනි කඩුල්ල සඳහා පන්දු 82කදී ලකුණු 123ක සබඳතාවයක් පිහිටුවා තිබුණි. සිය වගකීම හරිආකාරයෙන් වටහාගෙන තරගයේ ආරම්භයේ පටන් පන්දුවාර 18.5ක් දක්වා ඉවසිලිමත් ඉනිමක නියැලුණු පැතුම් පන්දු 47කදී හයේ පහරක් සහ හතරේ පහර 06ක් සමගින් ලකුණු 61ක් රැස්කරගෙන සිටියේය.

ඉනිමේ අග භාගයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ නැංවූ නායක දසුන් ශානක පන්දු 11කදී නොදැවී ලකුණු 21ක් වශයෙන් රැස්කර ගැණින. අයර්ලන්තය වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිරත වූ ජෝෂ් ලිට්ල් ලකුණු 23කට කඩුලු 04ක් දවාලූවේය. පන්දුවෙන් සහ පිත්තෙන් දැක්වූ දස්කම් හමුවේ වනිඳු හසරංග තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 171 යි. (පැතුම් නිශ්ශංක 61, කුසල් ජනිත් පෙරේරා 00, දිනේෂ් චන්දිමාල් 06, අවිශ්ක ප්‍රනාන්දු 00, වනිඳු හසරංග 71, භානුක රාජපක්ෂ 01, දසුන් ශානක (නොදැවී) 21, චාමික කරුණාරත්න 02, දුෂ්මන්ත චමීර (නොදැවී) 01, පෝල් ස්ටර්ලින් 1-0-4-1, ජෝෂ් ලිට්ල් 4-0-23-4, ක්‍රෙයිග් යන්ග් 4-0-24-0, මාක් ඇඩයර් 4-0-35-2, සිමි සින්ග් 3-0-41-0, කර්ටිස් කැම්පර් 4-0-38-0)

අයර්ලන්තය පන්දුවාර 18.3 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 101 යි. (පෝල් ස්ටර්ලින් 07, කෙවින් ඕබ්‍රයන් 05, ඇන්ඩි බල්බි්‍රනි 41, ගැරත් ඩෙලනි 02, කර්ටිස් කැම්පර් 24, හැරී ටෙක්ටර් 03, නීල් රොක් 01, මාක් ඇඩයර් 02, සිමි සින්ග් (නොදැවී) 05, ක්‍රෙයිග් යන්ග් 01, ජෝෂ් ලිට්ල් 01, චාමික කරුණාරත්න 3.2-0-27-1, දුෂ්මන්ත චමීර 3-0-16-1, මහීෂ් තීක්ෂණ 4-0-17-3, ළහිරු කුමාර 4-0-22-2, වනිඳු හසරංග 4-0-12-1)

https://youtu.be/dr5ICmG6w34
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නව විගණකාධිපතිවරයා තෝරා පත්කර ගනී.."කොහොමත් ජනපති දැම්ම කෙන තමයි පත් කරන්නේ.."
01:08
Video thumbnail
එළියට ආ නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
05:56
Video thumbnail
අපිට සතුටුයි..විධායක ජනපති හැටියට දුන්න පොරොන්දුවලට..මාරාන්තික උපවාසය තාවකාලිකව නවත්වයි
06:16
Video thumbnail
CIDයෙන් එළියට ආ නාමල්ව ජන ගඟක් වටකරගනී
03:49
Video thumbnail
මිහින්තලේ හිමි සහ සමන්තභද්‍ර හිමි කටුසෑය වන්දනා කිරීමට එයි..මිහින්තලේ ඝංඨාරය උමංදාවට ඇහෙනවා
11:33
Video thumbnail
අධිකරණ ඇමති ඉන්නේ ප්‍රේමදාස දීපු ගෙදරේ
10:21
Video thumbnail
ජය ඝෝෂා මැදින් ශිරන්ති එළියට ආ හැටි - ලක් අම්මට ජයවේවා
01:29
Video thumbnail
ආණ්ඩුවට රාජපක්ෂ භීතිය..රාජපක්ෂ භීතිය..2015ත් ඔය රංගනය තිබ්බනේ..ඕක අපිට ප්‍රශ්නයක් නෙවෙයි
01:20
Video thumbnail
මට මහින්ද ජයසිංහව ගෙදරින් යවන්න පුළුවන්
09:49
Video thumbnail
නාමල්, ශිරන්ති එළියට එනකල් බලන් ඉන්න 'පිං පොං' දසමහ යෝධයෝ ටික ගේමට බැහැලා ඉන්නේ
02:35


?