ගුවන් තොටුපළ සේවකයෙකුගේ උදරයෙන් රත්තරන් මතුවෙයි

රුපියල් කෝටි 07 ක් ( මිලියන 70 ) ක් වටිනා රත්තරන් කිලෝ ග්රැම් 04 යි ග්රැම් 800 ක් , සමග පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු තම උදර ප්‍රදේශයේ සගවා ගෙන එම රත්තරන් ගුවන්තොටුපලෙන් පිට කිරීමට තැත් කර ඇති බව සඳහන්.

එම පුද්ගලයා ගුවන් තොටුපළ පිරිසිදු කිරීමේ නියැලී සිටින සේවකයෙකු බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා කියා සිටියේ.

  1. අපෙ ලාන්කිකයන්ගෙ උදරය අධෝ මාරගය යෝනිය ( ගැහෙනු ලිංගය ) අද කාලයෙ බහුලව පාවිච්චි කරන්නෙ රත්‍රං ප්‍රවාහනයට , මත් කුඩු ප්‍රවාහනයට , සහ නීති විරෝදී ක්‍රියා වලට . දෙවියන් හෝ මහ බ්‍රහ්මයා එම අවයව ලබා දුන්නෙ වෙනත් අවශ්යතා කර ගන්නට , එහෙත් එවා එසෙ සිදුවන්නෙ නෙහෙ