පොලිස් නිලධාරීන්ටත් සහනයක්

පොලිස් නිලධාරීන්ට ඇති චෝදනා පත්‍ර මාස හයක් ඇතුළත විභාග කර අවසන් කළේ නැත්නම් ඒවා ඉබේ අවලංගුවන ක්‍රමයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පවසනවා.

පොලිස් නිලධාරීන්ට තමන්ගේ රාජකාරිය හරියට කරන්නට ගොස් මානව හිමිකම් නඩු පවා වැටී ඇතැයි කී ඇමතිවරයා එවැනි අය පිළිබඳ සොයා බලා ඔවුන්ට සහනයක් ලබාදීමට කටයුතු කරන බව සඳහන් කළේ.

එමෙන්ම දීර්ඝකාලීන චෝදනා පත්‍ර ඇති නිලධාරීන් ද සිටින බව කී වීරසේකර මහතා 35 දෙනෙකුට සහකාර පොලිස් අධිකාරී තනතුරට පත් වන විට චෝදනා පත්‍ර නිසා උසස්වීම් නොලැබෙන තත්ත්වයක් තිබූ බවද සඳහන් කර සිටියේ.

එම තත්වයට හේතුව යාන්ත්‍රණයේ තිබූ අඩුපාඩුකම් බැවින් අමාත්‍යංශ ලේකම්වරයා සහ පොලිස්පතිවරයා ඒ පිළිබඳ විශ්ලේෂණයක් කරගෙන යන බවයි ප්‍රකාශ කලේ.

මීට අමතරව ආයතන සංග්‍රහයට අනුව මාස හයක් ඇතුළත චෝදනා පත්‍ර විභාග කර අවසන් කළේ නැත්නම් ඉබේ අවලංගුවන ක්‍රමයක් සකස් කරන්න බලාපොරොත්තු වන බව ඇමතිවරයා කියා සිටියේ.

මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මේ බව පැවසූයේ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රජා පොලිස් බල ගැන්වීමේ වැඩසටහනේදීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුව රටේ ආර්ථිකය විකෘති කරලා ඉවරයි - ආයේ බලන්න දෙයක් නෑ
05:07
Video thumbnail
පල්ලේගම හේමරතන හිමි වැරදියි කියලා තාම ඔප්පුවෙලා නෑ
12:58
Video thumbnail
තව මාස 4කට රටේ වැසි තත්ත්වයක්..? කාලගුණය ගැන අනතුරු අඟවයි
03:10
Video thumbnail
වන අලි තර්ජනය නිසා ගමක් අමාරුවේ වැටෙයි
00:50
Video thumbnail
මේ රජය බිම හිටියට දැන් බිම අඳුරන්නේ නෑ.. හොරු හොරු කිව්වා තාම අල්ලපු හොරෙකුත් නෑනේ
03:59
Video thumbnail
මම බයත් නෑ මම ණයත් නෑ..මම කාටවත් කඩේ ගිහින් නෙවෙයි මේවා කලේ..
03:00
Video thumbnail
මම මාලිමාවට කඩේ යන්නෙ නෑ..දේශපාලකයින්ට කට උත්තර නැතිවෙන්නම් රාහුල හිමි දෙසයි..
03:52
Video thumbnail
අල්පේජ්ජතාවය නිසා රාහුල හිමිට යකා නගියි..උණුසුම් තත්ත්වයක්..රත්තරං මාළිගාවලනේ බුදු හාමුදුරුවෝ හිටියේ
08:42
Video thumbnail
බණ අහන රටම මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද ?බණ අහලා හැදිච්ච එකෙක්වත් නෑ
03:15
Video thumbnail
ඇයි අටමස්ථානාධිපති ධුරයෙන් ඉවත් නොකරන්නේ ?සමාජ මාධ්‍යයේ කෑගැහුවට වැඩක් නෑ
01:47