පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පිහි ප්‍රහාරයක්

මෝදර ප්‍රදේශයේ දී සිදුවූ පිහි ඇනුමකින් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පිහි ප්‍රහාරය එල්ල කර ඇති සැකකරු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ අයෙක් ලෙස හඳුනාගෙන ඇති අතර ඔහුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාල පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමට යාමේදී පොලිස් නිළධාරීන් දෙදෙනාට ඔහු විසින් පිහි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර සිද්ධියෙන් තුවාල ලබා ඇති පොලිස් නිලධාරීන් දෙදෙනා රෝහල් ගතකර තිබේ.