බල්ලො අල්ලගෙන ගිය ජෝඩුවක් අල්ලයි

අමානුෂික අන්දමින් සහ සැක කටයුතු ලෙස සුනඛයින් 6 දෙනෙකු රැගෙන යමින් සිටි යුවළක් අද (12) අත්අඩංගුවට ගත් බව වාද්දුව පොලිසිය පවසයි.

සුනඛයින් සුරැකීමේ සංවිධානයක් විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට ලබාදුන් තොරතුරකට අනුව පොලිස් පරීක්ෂක තුසිත සිල්වා ඇතුළු පොලිස් කණ්ඩායම වාද්දුව දුම්රිය පොළ ආසන්නයේ දී ගැබ්බර බැල්ලියක සහ ගැහැනු පැටවුන් පස්දෙනෙකු සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ 2 , ජෝෂන් වීදියේ පදිංචි මොහොමඩ් සුද්ධීක් මොහොමඩ් (42) සහ වැලිපිටිය කෝරළගේ ශ්‍රියානි නමැති (38) හැවිරිදි කාන්තාවක් මෙලෙස අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් දෙදෙනා පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පානදුර අතිරේක මහේස්ත්‍රාත් ලහිරු එන් සිල්වා මහතා නියම කර තිබේ.

සැකකරුවන් මානසික ආබාධයකින් පෙලෙනවාද යන්න සොයාබැලීම සදහා මානසික වෛද්‍යවරයකු හමුවට පමුණුවාලීමට අවසර ලබාදෙන ලෙසත් උප පොලිස් පරීක්ෂක සුදත් ප්‍රනාන්දු මහතා අධිකරණයෙන් ඉල්ලා ඇත.

ඊළඟ නඩුවාර දිනයේදී වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා සැකකරුවන් මානසික වෛද්‍යවරයෙකු හමුවට පමුණුවාලීමට පොලීසියට අවසර ලබාදෙන ලෙස අධිකරණය විසින් බන්ධනාගාරයට නියම කර තිබේ.

ඒ අතරම සුනඛයින් පංශු වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර සුරතල් සතුන් රැක බලගන්නා මධ්‍යස්ථානයක් වෙත යොමු කරන ලෙස ද අධිකරණය නියම කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තුව ඇතුලේ ත්‍රස්තවාදියාව සිහිපත් කරනවා - එකෙක්වත් කට ඇරියේ නෑ
05:49
Video thumbnail
Praharaya| ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසි රාහුල හිමි සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:20:31
Video thumbnail
මේ ආණ්ඩුව රටේ ආර්ථිකය විකෘති කරලා ඉවරයි - ආයේ බලන්න දෙයක් නෑ
05:07
Video thumbnail
පල්ලේගම හේමරතන හිමි වැරදියි කියලා තාම ඔප්පුවෙලා නෑ
12:58
Video thumbnail
තව මාස 4කට රටේ වැසි තත්ත්වයක්..? කාලගුණය ගැන අනතුරු අඟවයි
03:10
Video thumbnail
වන අලි තර්ජනය නිසා ගමක් අමාරුවේ වැටෙයි
00:50
Video thumbnail
මේ රජය බිම හිටියට දැන් බිම අඳුරන්නේ නෑ.. හොරු හොරු කිව්වා තාම අල්ලපු හොරෙකුත් නෑනේ
03:59
Video thumbnail
මම බයත් නෑ මම ණයත් නෑ..මම කාටවත් කඩේ ගිහින් නෙවෙයි මේවා කලේ..
03:00
Video thumbnail
මම මාලිමාවට කඩේ යන්නෙ නෑ..දේශපාලකයින්ට කට උත්තර නැතිවෙන්නම් රාහුල හිමි දෙසයි..
03:52
Video thumbnail
අල්පේජ්ජතාවය නිසා රාහුල හිමිට යකා නගියි..උණුසුම් තත්ත්වයක්..රත්තරං මාළිගාවලනේ බුදු හාමුදුරුවෝ හිටියේ
08:42