බල්ලො අල්ලගෙන ගිය ජෝඩුවක් අල්ලයි

අමානුෂික අන්දමින් සහ සැක කටයුතු ලෙස සුනඛයින් 6 දෙනෙකු රැගෙන යමින් සිටි යුවළක් අද (12) අත්අඩංගුවට ගත් බව වාද්දුව පොලිසිය පවසයි.

සුනඛයින් සුරැකීමේ සංවිධානයක් විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට ලබාදුන් තොරතුරකට අනුව පොලිස් පරීක්ෂක තුසිත සිල්වා ඇතුළු පොලිස් කණ්ඩායම වාද්දුව දුම්රිය පොළ ආසන්නයේ දී ගැබ්බර බැල්ලියක සහ ගැහැනු පැටවුන් පස්දෙනෙකු සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ 2 , ජෝෂන් වීදියේ පදිංචි මොහොමඩ් සුද්ධීක් මොහොමඩ් (42) සහ වැලිපිටිය කෝරළගේ ශ්‍රියානි නමැති (38) හැවිරිදි කාන්තාවක් මෙලෙස අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් දෙදෙනා පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පානදුර අතිරේක මහේස්ත්‍රාත් ලහිරු එන් සිල්වා මහතා නියම කර තිබේ.

සැකකරුවන් මානසික ආබාධයකින් පෙලෙනවාද යන්න සොයාබැලීම සදහා මානසික වෛද්‍යවරයකු හමුවට පමුණුවාලීමට අවසර ලබාදෙන ලෙසත් උප පොලිස් පරීක්ෂක සුදත් ප්‍රනාන්දු මහතා අධිකරණයෙන් ඉල්ලා ඇත.

ඊළඟ නඩුවාර දිනයේදී වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා සැකකරුවන් මානසික වෛද්‍යවරයෙකු හමුවට පමුණුවාලීමට පොලීසියට අවසර ලබාදෙන ලෙස අධිකරණය විසින් බන්ධනාගාරයට නියම කර තිබේ.

ඒ අතරම සුනඛයින් පංශු වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර සුරතල් සතුන් රැක බලගන්නා මධ්‍යස්ථානයක් වෙත යොමු කරන ලෙස ද අධිකරණය නියම කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මන්ත්‍රී බ##ක්වත් අපිට වැඩක් නෑ.."කල්අඩියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:11
Video thumbnail
ග්‍රෙගරි වැව යළිත් යථා තත්ත්වයට පත්වෙයි..දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළියට ඇඳී ‍යයි
03:23
Video thumbnail
මීගමුව සංචාරක කර්මාන්තය ඉහළ තැනකට ගේනවා
07:15
Video thumbnail
ඖශධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණය ගැන විශේෂ සාකච්ඡාවක්
01:05
Video thumbnail
ගංජා තොගයක් සමඟ හතරක් පොලිසියෙන් කුදලන් යයි..ගංජාවල වටිනාකම රු.45,000කට අධිකයි
00:40
Video thumbnail
පපරේ සද්දෙට ඩාන්ස් කර කර සංචාරකයින් ලංකාවේ නත්තල් සමරපු හැටි.."Sri Lankan people are very nice"
07:18
Video thumbnail
වැලිකඩ බන්ධනාගාරයට විශාල සෙනඟක් ඇවිත්
00:59
Video thumbnail
ධනයට බලයට වහල්වීම නෙවෙයි නිදහස..දේව මෙහයට එක්වී කාදිනල්තුමා දුන්න නත්තල් පණිවුඩය
09:26
Video thumbnail
ප්‍රපාතයකට පෙරළුණු සිමෙන්ති ලොරිය ගොඩගත්ත හැටි
01:15
Video thumbnail
කෙඳිරි ගාන්න එපා රන්වල හිටියේ නීතියට උඩින්..ආණ්ඩුවේ අයට අත තිබ්බොත් උඹලට වෙන්නේ මේකයි කියලා පෙන්නුවේ
13:50


?