ජාවාරම් කිරිම සඳහා රැගෙන යමින් තිබූ කහ කිලෝග්‍රෑම් 1150 ක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් මන්නාරමේදී අද (11) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා..
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ක්‍රියාත්මක කළ මාර්ගබාධකයකදී අදාළ කහ තොගය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ සමඟ සැකකරුවන් දෙදෙනෙකු සහ කහ ප්‍රවාහනය කළ ලොරි රථයද අත්අඩංගුවට ගැණුනා..
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් අත්අඩංගුවට ගත් කහතොගය, සැකකරුවන් සහ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලීසියට භාර දී තිබෙනවා..
