ගුරුවරුන් උද්ඝෝෂණ කරද්දී රටේම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් පියෙක් ඉදිරියට

පාසල් අධ්‍යාපනය කඩා වැටීමෙන් දරුවන් නිවෙස් වල ප්‍රචණ්ඩ වී ඇති බවත් ඔන්ලයින් මුදලාලිලා එය මාෆියාවක් කරගනිමින් සිතූ සිතූ ලෙස මුදල් උපයමින් දෙමාපියන් සූරාකමින් සිටින බැවින් ගරු වැටුප් විෂමතාවට වහා විසඳමු ලබාදී, ගුරු උද්ඝෝෂණ නවතා නැවත දරුවන්ගේ අධ්‍යාපනය ලබාදෙන්න එක්වැන්නැයි ගුරු විදුහල්පතිවරුන්ට නියෝග කරන්නැයි ඉල්ලමින් කඹුරුපිටිය ප්‍රදේශයේ පියෙකු වූ කුමුදු එස්. කටපොලුගේ මහතා අද(11) පෙරවරුවේ මානව හිමිකම් කොමිෂන් සභාවේ මාතර ප්‍රාදේශීය කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

පැමිණිල්ල භාරදීමෙන් පසු කුමුදු එස් කටපොලුගේ මහතා මෙලෙස පැවසීය.

“මම කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ අයෙක් නෙවෙයි. ඒත් මේ රටේ දරුවන්ටයි ගුරුවරුන්ටයි සිදුව ඇති මහා අපරාධය ගැන කතාකරන්න මට අයිතියක් තියෙනවා. ඒ වෙනුවෙන් තමයි මම අද මානව හිමිකම් කොමිෂමට අපේ දරුවන්ට සිදුව ඇති අසාධාරණය පිළිබඳ සාධාරණයක් පතා පැමිණිල්ලක් ගොණුකළේ. ගුරු වැටුප් විෂමතාව වහා විසඳිය යුතුයි. ඒ වාගේම ගුරු උද්ඝෝෂණත් වහා නවතා දැමිය යුතුයි. පූජනීයත්වයට පත් යුතු ගුරු විදුහල්පතිවරුන් අද “තොපි කාලකණ්නි හැත්ත”කියා ආමන්ත්‍රණය කරන තැනට ස්ටාලින්ලා විසින් වට්ටවලා තිබෙනවා. ඒක අපරාධයක්. මෙම තත්වය වහා වෙනස් කළ යුතුයි”

කුමුදු එස් කටපොලුගේ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ද පැවසුවේය.

අද මේ රටේ අධ්‍යාපන ඇමතිවරයා හිතුමතේ උසස්පෙළ හා ශිෂ්‍යත්ව විභාග කල්දමා තිබෙනවා. මේ නිසා දරුවන්ගේ බලාපොරොත්තු කඩවී තිබෙනවා. එය දරුවන්ට සිදුකර ඇති අසාධාරණයකි. වහා එය නිවැරදි කළ යුතුයි.

අද වන විට හාල්, කිරපිටි, ගෑස්, සිමෙන්ති ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහළ දමා තිබෙනවා. මුදලාලිලා හිතූ හිතූ විදියට බඩු මිල වැඩිකරමින් තිබෙනවා. ඒ වගේ තමයි ඔන්ලයින් මුදලාලිලාත් අද හිතූ හිතූ විදියට මුදල් අයකරමින් ඔන්ලයින් පන්ති මාෆියාවක් ක්‍රියාත්මක කර තිබෙනවා. මේ නිසා දරුවන් වගේම දෙමාපියන් අසරණවී සිටිනවා. අද දුරකථන අරන්දෙන්නයි, ඩේටා කාඩ් ගන්නයි මොනතරම් වියදම් කරන්න සිදුවෙලා ද? මේවා වහා නතර කර පුරුදු විදියට දරුවන්ට අධ්‍යාපනය ලබන්න අවස්ථාව දිය යුතුයි. ඒ වෙනුවෙන් අපේ ගුරුභවතුන් උද්ඝෝෂණ අත්හැර යළි දරුවන්ට අධ්‍යාපනය දෙන්න ඉදිරිපත් විය යුතුයි.

අද මේ රටේ වැටුප් විෂමතා හතු පිපෙන්නා වගේ ඇතිවෙමින් ඉල්ලීම් වැඩිවෙමින් තිබෙන්නේ වසර හැත්තෑවක් පුරා විධිමත් පරිපාලකයක් මේ රටේ අතිකරන්න නොහැකිවී තිබීමයි. ඒවා පාලනයේ ප්‍රශ්න.

අද ගුරුවරුන්ගේ ප්‍රශ්නය විසඳන්න මුරුට්තෙට්ටුවේ හාමුදුරුවෝ ජනතාවගෙන් ප්‍රතික්ෂේපවී එල්ලෙන්න වැල් නැතිව සිටිනා පරාජිතයින් පිරිසක් ගෙනැත් සාකච්ඡා පවිත්වමින් පරාජිත නොහැකියාවන් සහිත පිරිසකට යළි ඔක්ෂිජන් දෙන්න හඳනවා. මම කියන්නේ මේ මොහොතේ හාමුදුරුවො සිදුකළ යුත්තේ පරාජිතයින්ට ඔක්ෂිජන් දීම නොවෙයි. අගමැතිතුමා, අධ්‍යාපාන ඇමතිතුමා වැනි අය සමග කතාකර මෙ ප්‍රශ්නයට විසුඳම් ලබාදීමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
44
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මැතිවරණයට මුහුණ දෙන්න ආණ්ඩුව බයයි
02:21
Video thumbnail
ජවිපෙ මුළු රටම ගිනි තිබ්බා - 6661 දෙනෙක්ව ඝා#නය කළා
18:03
Video thumbnail
නීතිය ක්‍රියාත්මක කරන ආයතනම නීතිය ක්‍රියාත්මක නොකරන තැනට ඇවිත් - පුරුද්ද නීතියට උඩින් ගිහිල්ලා
02:47
Video thumbnail
සංඝයාට නරක විදියට මඩ ග#හන දැවැන්ත මඩ ප්‍රහාරයක් යනවා - දිඹුලාගල රාහුලාලංකාර නාහිමිට යකා නගියි
03:19
Video thumbnail
එක කෝල් එකෙන් ප්‍රශ්නේ විසඳපු ඇමති හදුන්නෙත්ති - බස් දුවද්දි තර්ජන තියෙනවද ?
07:32
Video thumbnail
නාමල්ගේ වේදිකාවේ ඇත්තටම වුණ දේ සංජීව හෙළිකරයි
03:05
Video thumbnail
පන්සල්වලට ආධාර එකතු කරන්න කියලා ඇවිත් ගෙවල් සුද්ද කරන කට්ටිය - අපිට මේ දිනවල දානය ලැබෙන්නේ නෑ
04:45
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුවට කටඋත්තර නැතිවෙන්නම දෙයි
13:41
Video thumbnail
අනුරගේ පුනරුද ආණ්ඩුව යන්නේ රිවර්ස් එකට - ලාල්, වසන්ත JVP ආණ්ඩුවට ඉන්දියාවට පාවා දෙනවා
04:59
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශයට ජී.එල් උත්තර දෙයි
04:49