කෝටි 30,000 දහසකට යුක්‍රේනයට විකුණන්න ගිය අකුණු සන්නායක කල්ලියට සිදුවූ දේ

විදේශ රටකට විකිණීම සඳහා මෙරට ඇති අකුණු සන්නායකයක් මිලදී ගැනීමට අවශ්‍ය බවත් ඒ සඳහා මුදල අයෝජනය කරන අයට යොදවන මුදල මෙන් පස් ගුණයක් ප්‍රතිලාභ ගෙවන බවට පවසමින් වංචාවක් සිදු කලේ යැයි කියන සැකකරුවන් 09 දෙනෙකු ඊයේ (10) නුවරඑලිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අකුණු සන්නායකය රුපියල් කෝටි තිස්දහසකට මිලදී ගැනීමට යුක්‍රේන රාජ්‍යයේ ගැණුම්කරුවෙකු ඇති බවත් එය මිලදී මුදල් යොදවන අයෙකුට රුපියල් කෝටි 100ක් ලබා දෙන බවට ද ඔවුන් විසින් ප්‍රකාශ කර ඇත.

සැකකරුවන් විසින් සිය දුරකථනවල ඇති අකුණු සන්නායකයක ඡායාරුප පෙන්වා එම අකුණු සන්නායකය මිලදී ගැනීම සඳහා එලෙස මුදල් ලබාගෙන ඇති බවට දැනට කරන ලද මුලික පරික්ෂණ වලදි අනාවරණය වි ඇත්තේ.

ඔවුන් දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාව මෙලෙස වංචාවට හසුකර ගෙන ඇති අතර, එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 520,000 බැගින් මුදල් ලබා ගෙන ඇත. එලෙස මුදල් ලබා ගත් පුද්ගලයින්ට ඔවුන්ගේ කණ්ඩායමේ සිටින ව්‍යාජ නීතිඥවරයෙකු මාර්ගයෙන් ගිවිසුමක් ද ලබාදීමට කටයුතු කර ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්තාවේ ඔහුන් සන්තකයේ තිබී රුපියල් එක් කොටි තිස් තුන් ලක්ෂ හැටදහසක මුදලක් සහ එම කටයුත්ත සඳහා මුදල් ආයෝජනය කල කිහිපදෙනෙකු සමග ඇතිකර ගත් ගිවිසුම් කිහිපයක් ද, මොටර් රථ 03 ක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව ප්‍රකාශ කළේ.

සැකකරුවන් නුවරඑලිය ප්‍රදේශයට පැමිණ තවත් කිහිප දෙනෙකුගෙන් මුදල් ලබා ගැනිමට උත්සහ කිරිමේදි පොලිසියට ලද තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මැතිවරණයට මුහුණ දෙන්න ආණ්ඩුව බයයි
02:21
Video thumbnail
ජවිපෙ මුළු රටම ගිනි තිබ්බා - 6661 දෙනෙක්ව ඝා#නය කළා
18:03
Video thumbnail
නීතිය ක්‍රියාත්මක කරන ආයතනම නීතිය ක්‍රියාත්මක නොකරන තැනට ඇවිත් - පුරුද්ද නීතියට උඩින් ගිහිල්ලා
02:47
Video thumbnail
සංඝයාට නරක විදියට මඩ ග#හන දැවැන්ත මඩ ප්‍රහාරයක් යනවා - දිඹුලාගල රාහුලාලංකාර නාහිමිට යකා නගියි
03:19
Video thumbnail
එක කෝල් එකෙන් ප්‍රශ්නේ විසඳපු ඇමති හදුන්නෙත්ති - බස් දුවද්දි තර්ජන තියෙනවද ?
07:32
Video thumbnail
නාමල්ගේ වේදිකාවේ ඇත්තටම වුණ දේ සංජීව හෙළිකරයි
03:05
Video thumbnail
පන්සල්වලට ආධාර එකතු කරන්න කියලා ඇවිත් ගෙවල් සුද්ද කරන කට්ටිය - අපිට මේ දිනවල දානය ලැබෙන්නේ නෑ
04:45
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුවට කටඋත්තර නැතිවෙන්නම දෙයි
13:41
Video thumbnail
අනුරගේ පුනරුද ආණ්ඩුව යන්නේ රිවර්ස් එකට - ලාල්, වසන්ත JVP ආණ්ඩුවට ඉන්දියාවට පාවා දෙනවා
04:59
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශයට ජී.එල් උත්තර දෙයි
04:49