මන්ත්‍රීවරයෙක් තම අක්කාට පහරදෙයි,බරපතළ තුවාල ලැබූ අක්කා රෝහලේ

පයාගල විහාරකන්ද ප්‍රදේශයේ පදිංචි තරුණ කාන්තාවකට සිය නිවස අසලදී බේරුවල ප්‍රාදේශීය සභාවේ මංත්‍රීවරයෙකු පහරදී යතුරුපැදියෙන් හප්පා තුවාල සිදු ඇතැයි එම තරුණිය පයාගල පොලිසියට කළ පැමිණිල්ල අනුව පරීක්ෂණ පවත්වන බව පයාගල පොලීසිය කියයි .

එම සිද්ධියට මුහුණ දුන් තරුණිය පයාගල පොලිසියට පැමිණිලි කර කළුතර නාගොඩ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බව කියයි .

සිද්ධියට සම්බන්ධ සැකකරු වනුයේ බේරුවල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු වන ශාම් රාජෙන්ද්‍ර සඳරුවන් (36)නැමැත්තා බව ත් එම සිද්ධියෙ තුවාල කාරි ය වනුයේ එම මන්ත්‍රීවරයාගේ වැඩිමහල් සොයුරිය බවත් එම තරුණියට අයත් මහගෙදර දේපලක් සම්බන්ධයෙන් මෙම ආරවුල ඇතිකරගෙන තිබෙන සිද්ධියක් බවත් පොලීසිය කියයි.

තුවාල ලැබූ තරුණිය යට දෙමාපියන් මේ වන විටත් පදිංචි නිවසේ කොටසක් නීත්‍යානුකූලව ලියා දී ඇති බවත් මේ සම්බන්ධයෙන් ඇති වූ ආරවුල් හේතුවෙන් ඉකුත් පෙරවාරි මාසයේ සිට පයාගල පොලිසියට අවස්ථා කීපයක දී පැමිණිලිකර තිබෙන බවත් එතැන් සිට විටින් විට ආරවුල් ඇතිකර තමන්ට පහර දී මරණ තර්ජනය කර නිවසට පැමිණීමට ඉඩ නොදෙන බවත් මෙසේ මෙම ආකාරයෙන් දිගින් දිගටම කරදර කරන්නේ තම සොහොයුරා වන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා බව ඉදිරිපොලගෙ චාමිනී තක්ෂිලා සඳලි (40)මෙනවිය කියයි .

මේ සම්බන්ධයෙන් කළුතර නාගොඩ රෝහලේ පොලිසියද ප්‍රකාශ සටහන් කර ගත් බවත් ඇය සඳහන් කරයි .

මේ හේතුවෙන් රෝගාතුරව සිටින තම දෙමාපියන් දෙපළ ද රැකබලා ගැනීමට ද නොහැකි වී ඇතැයි ද තමන්ට සාධාරණයක් ඉටු කර දෙන්නැයි ද තරුණියක් වන ඇය සඳහන් කළාය.

– තුසිත කුමාර ද සිල්වා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මැතිවරණයට මුහුණ දෙන්න ආණ්ඩුව බයයි
02:21
Video thumbnail
ජවිපෙ මුළු රටම ගිනි තිබ්බා - 6661 දෙනෙක්ව ඝා#නය කළා
18:03
Video thumbnail
නීතිය ක්‍රියාත්මක කරන ආයතනම නීතිය ක්‍රියාත්මක නොකරන තැනට ඇවිත් - පුරුද්ද නීතියට උඩින් ගිහිල්ලා
02:47
Video thumbnail
සංඝයාට නරක විදියට මඩ ග#හන දැවැන්ත මඩ ප්‍රහාරයක් යනවා - දිඹුලාගල රාහුලාලංකාර නාහිමිට යකා නගියි
03:19
Video thumbnail
එක කෝල් එකෙන් ප්‍රශ්නේ විසඳපු ඇමති හදුන්නෙත්ති - බස් දුවද්දි තර්ජන තියෙනවද ?
07:32
Video thumbnail
නාමල්ගේ වේදිකාවේ ඇත්තටම වුණ දේ සංජීව හෙළිකරයි
03:05
Video thumbnail
පන්සල්වලට ආධාර එකතු කරන්න කියලා ඇවිත් ගෙවල් සුද්ද කරන කට්ටිය - අපිට මේ දිනවල දානය ලැබෙන්නේ නෑ
04:45
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුවට කටඋත්තර නැතිවෙන්නම දෙයි
13:41
Video thumbnail
අනුරගේ පුනරුද ආණ්ඩුව යන්නේ රිවර්ස් එකට - ලාල්, වසන්ත JVP ආණ්ඩුවට ඉන්දියාවට පාවා දෙනවා
04:59
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශයට ජී.එල් උත්තර දෙයි
04:49