පිළිස්සී මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් සොයාගනී

හංවැල්ල ප්‍රදේශයේ තානායමක් අසල තිබී පිළිස්සී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයගෙන තිබේ.

අද (10) උදෑසන අදාළ මළ සිරුර සොයාගත් බව හංවැල්ල පොලීසිය පැවසුවේය.

එම තානායම ඉදිරිපිට ගල් බංකුවක් මත තිබී මළ සිරුර සොයගෙන ඇති අතර මියගිය පුද්ගලයා නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි අයෙකු බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

එම පුද්ගලයා ඊයේ (09) පස්වරුවේ තානායමට පැමිණ එහි නවාතැන්ගෙන ඇති බව සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

මේ අතර මිරිහාන කිඹුලාවල ඇළේ තිබී හමුවූ නාඳුනන පුද්ගල මළ සිරුර සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

කිඹුලෙකු විසින් ඩැහැගෙන යමින් තිබූ අදාළ මළ සිරුර සම්බන්ධයෙන් ලද තොරතුරත් මත නාවික හමුදා නිලධාරින් විසින් එම මළ සිරුර ගොඩගෙන තිබූ අතර මියගොස් ඇත්තේ වයස අවුරුදු 40 පමණ පුද්ගලයෙකු බව වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'දක්ෂිණා ප්‍රභා' - ජාතික වෙසක් මංගල්‍යය
00:00
Video thumbnail
පන්සල්වලට ආධාර එකතු කරන්න කියලා ඇවිත් ගෙවල් සුද්ද කරන කට්ටිය
01:02
Video thumbnail
අලුතෙන් ගෙනාපු ගල් අඟුරුත් බාලයි - චානකගෙන් හෙළිදරව්වක්
09:54
Video thumbnail
චමරි ආණ්ඩුවට හොඳම එකෙන් දෙයි - ආණ්ඩුව යන්නෙත් QR Code එකයි ඔත්තෙයි ඉරට්ටෙයි වගේ
01:33
Video thumbnail
මුළු රටම ටිල්වින්කරණයට ලක්වෙලා - ඒකාධිපති පාලනයක්
05:01
Video thumbnail
මැතිවරණයට මුහුණ දෙන්න ආණ්ඩුව බයයි
02:21
Video thumbnail
ජවිපෙ මුළු රටම ගිනි තිබ්බා - 6661 දෙනෙක්ව ඝා#නය කළා
18:03
Video thumbnail
නීතිය ක්‍රියාත්මක කරන ආයතනම නීතිය ක්‍රියාත්මක නොකරන තැනට ඇවිත් - පුරුද්ද නීතියට උඩින් ගිහිල්ලා
02:47
Video thumbnail
සංඝයාට නරක විදියට මඩ ග#හන දැවැන්ත මඩ ප්‍රහාරයක් යනවා - දිඹුලාගල රාහුලාලංකාර නාහිමිට යකා නගියි
03:19
Video thumbnail
එක කෝල් එකෙන් ප්‍රශ්නේ විසඳපු ඇමති හදුන්නෙත්ති - බස් දුවද්දි තර්ජන තියෙනවද ?
07:32