නිවසකට ඇතුළුවු කොල්ලකරුවන් දෙදෙනෙක් නිවසේ සිටි කාන්තාවක් මරාදමයි

මල්වතුහිරිපිටිය පිටුවල්ගොඩ ප්‍රදේශයේ නිවසකට ඇතුළුවු කොල්ලකරුවන් දෙදෙනෙක් නිවසේ සිටි කාන්තාවන් දෙදෙනෙකුට කළ පහර දීමකින් එක් කාන්තාවක් මිය ගොස් ඇත.

ඊයේ (09) අලුයම එම කොල්ලකරුවන් දෙදෙනා නිවසට ඇතුළු වී නිවසේ සිටි කාන්තාවන් දෙදෙනාට පහර දී, අත් පා බැඳ දමා නිවසේ තිබු දේපළ කොල්ලකෑමට තැත් කර තිබේ.

කොල්ලකරුවන් නිවසෙන් පිටව ගිය පසුව 119 දුරකථන අංකය ඔස්සේ පොලිස් තොරතුරු මධ්‍යස්ථානයට කළ දැනුම් දීමෙන් අනතුරුව මල්වතුහිරිපිටිය පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

පහරදීම හේතුවෙන් සිහිසුන් වු එක් කාන්තාවක් ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ.

එලෙස මිය ගොස් ඇත්තේ 77 හැවිරිදි පිටුවල්ගොඩ යක්කල ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

සැකකරුවන් අත්අඩගුවට ගැනීම සඳහා මල්වතුහිරිපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර, දඹුල්ල කලෝගහඇල ප්‍රදේශයේ නිවසක තිබී 14 හැවිරිදි දැරියකගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

කලෝගහඇල ප්‍රදේශයේ නිවසක, ඝාතනය කළ දැරියකගේ මළ සිරුරක් තිබෙන බවට ලද තොරතුරු මත දඹුල්ල පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ දඹුල්ල අතුපාරයාය ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියකි.

පසුගිය 6වනදා අසල්වාසී නිවසක සිටි පුද්ගලයෙක් විසින් ඔහුගේ දියණියට ඉගැන්වීමේ කටයුතු කිරීම සඳහා පවසමින් එම මිය ගිය දැරියව යතුරු පැදියෙන් රැගෙන ගොස් ඇත.

පසුව සිය දියණිය නිවසට නොපැමිනීම හේතුවෙන් ඇයගේ දෙමාපියන් විසින් පසුගිය 7වනදා අදාළ පුද්ගලයා සිටි නිවසට ගොස් තිබේ.

එම නිවසේ කිසිවෙකුත් නොමැතිවීම හේතුවෙන් එම පිරිස මීට මාස 2කට පමණ පෙර කුලියට ගෙන පදිංචිව සිටි නිවසකට ගොස් ඇත.

එම නිවසද අගුළුදමා තිබීම හේතුවෙන් දෙමාපියන් මේ සම්බන්ධයෙන් දඹුල්ල පොලීසියට පැමිණිලි කර තිබේ.

ඒ අනුව ඊයේ (09) කුලියට නැවති සිටි නිවස පරීක්ෂා කිරීමේදී එම නිවසේ ඇඳක් මත තිබී දැරියගේ මළ සිරුර සොයාගෙන ඇත.

දැරිය රැගෙන ගිය සැකකරු සහ ඔහුගේ බිරිඳ මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට දඹුල්ල පොලීසිය විමර්ශන සිදුකරයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'දක්ෂිණා ප්‍රභා' - ජාතික වෙසක් මංගල්‍යය
00:00
Video thumbnail
පන්සල්වලට ආධාර එකතු කරන්න කියලා ඇවිත් ගෙවල් සුද්ද කරන කට්ටිය
01:02
Video thumbnail
අලුතෙන් ගෙනාපු ගල් අඟුරුත් බාලයි - චානකගෙන් හෙළිදරව්වක්
09:54
Video thumbnail
චමරි ආණ්ඩුවට හොඳම එකෙන් දෙයි - ආණ්ඩුව යන්නෙත් QR Code එකයි ඔත්තෙයි ඉරට්ටෙයි වගේ
01:33
Video thumbnail
මුළු රටම ටිල්වින්කරණයට ලක්වෙලා - ඒකාධිපති පාලනයක්
05:01
Video thumbnail
මැතිවරණයට මුහුණ දෙන්න ආණ්ඩුව බයයි
02:21
Video thumbnail
ජවිපෙ මුළු රටම ගිනි තිබ්බා - 6661 දෙනෙක්ව ඝා#නය කළා
18:03
Video thumbnail
නීතිය ක්‍රියාත්මක කරන ආයතනම නීතිය ක්‍රියාත්මක නොකරන තැනට ඇවිත් - පුරුද්ද නීතියට උඩින් ගිහිල්ලා
02:47
Video thumbnail
සංඝයාට නරක විදියට මඩ ග#හන දැවැන්ත මඩ ප්‍රහාරයක් යනවා - දිඹුලාගල රාහුලාලංකාර නාහිමිට යකා නගියි
03:19
Video thumbnail
එක කෝල් එකෙන් ප්‍රශ්නේ විසඳපු ඇමති හදුන්නෙත්ති - බස් දුවද්දි තර්ජන තියෙනවද ?
07:32