ජේතවන පුදබිමේ රථගාලක්

අනුරාධපුර ඓතිහාසික ජේතවන ස්තූප පුදබිමේ උතුරු දොරටුව ප්‍රදේශය පෙරේදා (07) පෙරවරුවේ බැකෝ යන්ත්‍රයක් යොදා හාරා පස් ඉවත්කර බරපතළ හානියක් කර තිබේ.

මේ පිළිබඳව කරුණු දැනගැනීම සඳහා ජේතවන විහාරාධිපතින් වහන්සේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උතුරු මැද සහකාර අධ්‍යක්ෂවරයා හා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා දුරකතනයෙන් සම්බන්ධ කිරීමට කීපවතාවක් උත්සාහ කළද ඒ උත්සාහයන් සියල්ල ව්‍යර්ථ විය.

ස්තූපයේ උතුරු දොරටුව ආසන්නයේ අඩි දෙකහමාරක් තුනක් පමණ ගැඹුරට බැකෝ යන්ත්‍ර මගින් හෑරීම නිසා භූගත ස්මාරකවල කොටස් ගැලවී එම පැරණි ගඩොල් කැබලි මතු වී ඇති බව පුරාවිද්‍යා නිලධාරීහු පවසති.

ගෞතම බුදුන් වහන්සේගේ පටී ධාතූන් වහන්සේ තැන්පත් කර ක්‍රි.ව. 3 වන ශත වර්ෂයේදී මහසෙන් මහරජතුමන් ඉදිකරන ලද ජේතවන ස්තූපය ගඩොලින් නිර්මාණය කරන ලද ලෝකයේ විශාලතම ස්මාරකය වශයෙන් හැඳින්වෙන අතර ලෝක උරුම ස්ථානයක් ලෙස යුනෙස්කෝ සංවිධානය විසින් ප්‍රකාශයට පත්කර ඇති උරුම ස්ථානයකි. මිහිඳු මහරහතන් වහන්සේ උන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය පවත්වන ලද්දේද ජේතවන ස්තූපය ඇතුළු ආරාම සංකීර්ණය පිහිටි මෙම නන්දන වනයේදී බව වංශ කතාවලින් අනාවරණය වී තිබේ.

මෙම මහා පරිමාණ හෑරීම පිළිබඳව අප කළ විමසීමේදී මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරියකු පැවසුවේ මෙම ස්ථානයේ රථගාලක් ඉදිකිරීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අනුමැතිය ලබා දී ඇති බවයි. එහෙත් මෙලෙස විශාල යන්ත්‍ර යොදාගනිමින් මෙම පුරාවිද්‍යා භූමිය විනාශවන සේ පස් ඉවත් කිරීමට කිසිවෙකුත් අවසර දී නැතැයි පැවසූ එම නිලධාරියා මේ කාර්ය කරන්නේ කවුරුන් විසින්දැයි ඇසූ පැනයට පිළිතුරු දීමට ඔහු දැඩි බියක් දැක්වීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'දක්ෂිණා ප්‍රභා' - ජාතික වෙසක් මංගල්‍යය
00:00
Video thumbnail
පන්සල්වලට ආධාර එකතු කරන්න කියලා ඇවිත් ගෙවල් සුද්ද කරන කට්ටිය
01:02
Video thumbnail
අලුතෙන් ගෙනාපු ගල් අඟුරුත් බාලයි - චානකගෙන් හෙළිදරව්වක්
09:54
Video thumbnail
චමරි ආණ්ඩුවට හොඳම එකෙන් දෙයි - ආණ්ඩුව යන්නෙත් QR Code එකයි ඔත්තෙයි ඉරට්ටෙයි වගේ
01:33
Video thumbnail
මුළු රටම ටිල්වින්කරණයට ලක්වෙලා - ඒකාධිපති පාලනයක්
05:01
Video thumbnail
මැතිවරණයට මුහුණ දෙන්න ආණ්ඩුව බයයි
02:21
Video thumbnail
ජවිපෙ මුළු රටම ගිනි තිබ්බා - 6661 දෙනෙක්ව ඝා#නය කළා
18:03
Video thumbnail
නීතිය ක්‍රියාත්මක කරන ආයතනම නීතිය ක්‍රියාත්මක නොකරන තැනට ඇවිත් - පුරුද්ද නීතියට උඩින් ගිහිල්ලා
02:47
Video thumbnail
සංඝයාට නරක විදියට මඩ ග#හන දැවැන්ත මඩ ප්‍රහාරයක් යනවා - දිඹුලාගල රාහුලාලංකාර නාහිමිට යකා නගියි
03:19
Video thumbnail
එක කෝල් එකෙන් ප්‍රශ්නේ විසඳපු ඇමති හදුන්නෙත්ති - බස් දුවද්දි තර්ජන තියෙනවද ?
07:32