ශ්‍රී ලංකා පිලට පළමු වරට ජාත්‍යන්තර පිටියේදී මුණ ගැසෙන කණ්ඩායම

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර පිටියේදී ඕමාන කණ්ඩායම මුණගැසෙන පළමු අවස්ථාව මෙයයි.

මෙලෙස ඕමානය සමග ක්‍රිකට් තරගාවලියක් සංවිධාන කෙරුණේ එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අරමුණ කර ගෙනයි. ඒ අනුව මෙම කණ්ඩායම් දෙකම ලෝක කුසලානයට පෙර සහභාගිවන අවසන් තරගාවලිය මෙය වනවා.

මෙම තරගාවලියට තරග 2 ක් ඇතුළත්. පළමු තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 4 ට ආරම්භවීමට නියමිතයි. දෙවන තරගය ලබන 9 වනදා පැවැත්වෙනවා.

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමානයේ සත්කාරකත්වයෙන්. මෙවර ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාවට මෙන්ම ඕමානයටද තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයකට ක්‍රීඩා කිරීමට සිදුව තිබෙනවා. කෙසේවෙතත් මෙම කණ්ඩායම් දෙක කාණ්ඩ දෙකක් යටතේ සුදුසුකම් ලබාගැනීමේ වටයේදී තරග වදිනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද බයවෙලා තමයි මිනිස්සුන්ව එක්කන් ආවේ
08:09
Video thumbnail
වාහනයක් මතට ගහක් කඩා වැටෙන අයුරු - වාහනේ ෆ්ලැට් වෙලාම ගියානේද ?
00:54
Video thumbnail
උසාවියට ආ ශානි මාධ්‍යයත් අයින් කරගෙන පිටව ගිය හැටි.."ගන්න එපා..ගන්න එපා.."
01:57
Video thumbnail
කොත්මලේ - ගම්පොළ ප්‍රධාන පාර තාවකාලිකව වසා දමයි
01:07
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අධිකරණයෙන් පිටව ගිය හැටි මෙන්න
00:49
Video thumbnail
ලසන්තගේ ඝා#නයට සම්බන්ධ හතර දෙනෙක්ව ඝා#නය කරලා
03:53
Video thumbnail
අන්තරේ - පොලිසිය අතර උණුසුම් තත්ත්වයක්..පොලිස් බැරියල් කඩාගෙන මල්වානේ නිවසට ගිය හැටි
04:14
Video thumbnail
දැන් වැඩියෙන්ම කෙඳිරි ගාන්නේ ජනාධිපතිතුමා - දයාසිරි සැරටම කියයි
13:36
Video thumbnail
අයහපත් කාලගුණය නිසා ඉදිරි පැය 36 තුළ රටටම වෙන්න යන දේ මෙන්න
02:48
Video thumbnail
ඇස් පනාපිටම ඇළට කඩා වැටුණු වෙළෙඳසැල
00:43