මෙච්චර දේකුත් තියාගෙන ලංකාව දුක් විඳින්නේ ඇයි ? ඇමති හෙලි කල රහස

මේසා විශාල සම්පතක් තබාගෙන ශ්‍රී ලංකාව දුක් විඳීම ගැන ලොව රටවල් කනගාටු වන බව බලශක්ති අමාත්‍යවරයා සඳහන් කරා.

ඒ මන්නාරම් දෝණියේ තිබෙන ඛනිජ හා ගෑස් සම්පත ප්‍රයෝජනයට නොගැනීම ගැන පෙන්වා දෙමින් බවයි විෂයභාර ගම්මන්පිල අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

ජාතික ප්‍රතිපත්තිය

අමාත්‍යවරයා මෙම කරුණු පෙන්වා දුන්නේ තෙල් හා ගෑස් කැණීම සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් හඳුන්වා දීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.

ශ්‍රී ලංකාවේ මෙතෙක් කළ විශාලතම ව්‍යාපෘතිය වරාය නගර ව්‍යාපෘතිය බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඊට වැය කළ මුදල මෙන් තුන් ගුණයක් ඛනිජ හා ගෑස් සම්පත ප්‍රයෝජනයට ගැනීමේ ව්‍යාපෘතියට වියදම් කළ යුතු බව සදහන් කළා.

ඒ අනුව ඛනිජ හා ගෑස් සම්පත ගවේෂණ කොට , කැණීම් කොට ගොඩ ගැනීමේ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ සිදුවන විශාලතම ව්‍යාපෘතිය ලෙසයි අමාත්‍යරයා හඳුන්වා දුන්නේ.

විදේශීය ආයෝජන

ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 3 හා 4 අතර මුදලක් වැය වන බව අමාත්‍යවරයා සඳහන් කරනවා.

ශ්‍රී ලංකාවේ සිටින ලොකුම පොහොසතුන් 10 දෙනා සතු වත්කම් එකට එකතු කලත් එම මුදල සොයා ගැනීමට නොහැකි බැවින් ඒ සඳහා විදේශීය ආයෝජකයන් අවශ්‍ය බව අමාත්‍යවරයා අවධාරණය කරනවා.

ඒ සඳහා විවිධ ආයෝජකයන්ගේ විශ්වාසය දිනාගත හැකි නීති රීති හඳුන්වා දීම අදාළ පනත් කෙටුම්පතේ අරමුණ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

තෙල් හා ගෑස් ගවේෂණය සඳහා වසර 20ක කාලයක් අවශ්‍ය බව ප්‍රථමයෙන් සඳහන් වුවද දැන් එම ගවේෂණ කාලය වසර 3 දක්වා අඩු වී තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

am.lk

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'දක්ෂිණා ප්‍රභා' - ජාතික වෙසක් මංගල්‍යය
00:00
Video thumbnail
ටිල්වින් දැන් මැතිවරණ කොමසාරිස් වෙලා - කවද්ද දිවුරුම් දුන්නද දන්නේ නෑ
02:24
Video thumbnail
රනිල් දැන් රිටයර් වෙලා ඉන්නේ - ආයේ එනවද..?
04:24
Video thumbnail
ජාඇල උණුසුම් තත්ත්වයක් - අපේ වන්දි මුදල් මෙවුන් හොරා කාලා, හෙරියකුත් ඉන්නවා..අපි කන්නෙත් මහපාරේ
03:36
Video thumbnail
බීමතින් මගී බස් රථය පැද වූ රියදුරා අත්අඩංගුවට
00:52
Video thumbnail
යෝෂිතගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට
00:53
Video thumbnail
පැතිර යන මොළේ උණ රෝගය ගැන විශේෂ හෙළිදරව්වක් - මේ වෙනකොට රෝගීන් 200ක් වාර්තාවෙලා
08:54
Video thumbnail
අම්මව බලන්න තනියම කොළඹ යන්න ආ පුංචි පුතා
02:25
Video thumbnail
පන්සල්වලට ආධාර එකතු කරන්න කියලා ඇවිත් ගෙවල් සුද්ද කරන කට්ටිය
01:02
Video thumbnail
අලුතෙන් ගෙනාපු ගල් අඟුරුත් බාලයි - චානකගෙන් හෙළිදරව්වක්
09:54