පැන්ඩෝරා පේපර්ස් මගින් අනාවරණය කළ රහස් මුදල් තැන්පත් කර ඇති ලයිස්තුවේ සදහන්ව ඇති හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිරුපමා රාජපක්ෂ මහත්මියගේ සහ ඇගේ ස්වාමියා වන තිරුකුමාර් නඩේසන් මහතා සම්බන්ධයෙන් මේ වනවිට තවත් විශේෂ කරුණු රැසක් අනාවරණය වෙමින් පවතී.
ඒ අනුව ඊයේ දිනයේදී රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් අනාවරණය කර සිටියේ මෙම මුදල් 1994ට පෙර, එනම් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය බලයට පැමිණීමට පෙර කාලයේදී සිදුව ඇති එකක් බවකි.
ඒ අනුව විපක්ෂය මෙම ප්‍රශ්නය ආණ්ඩුව පිටින් දැමීමට උත්සාහ කළද එය අසාර්ථක උත්සාහයක් බවද අමාත්‍යවරයා කියා සිටියේය.
එමෙන්ම මේ වනවිට ඊට අදාළ ලිපිලේඛනද අනාවරණය වී තිබේ.
එහි පැහැදිලිව සටහන්වී ඇත්තේ 1994ට පෙර මෙම මුදල් තැන්පත් කොට ඇති බවකි.
කෙසේවෙතත් විපක්ෂය මේ වනවිට ඒ සම්බන්ධයෙන් නැවත වතාවක් ප්‍රශ්න කිරීමට සූදානමින් සිටින්නේ එසේ නම් 1994ට පෙර තැන්පත් කළ මුදල්වලට කුමක් සිදුවූවේදැයි ආණ්ඩුව සොයා බැලිය යුතු යැයි කියාය.












