විදුලිබල වෘත්තීය සමිති වැඩවර්ජනයකට සැරසේ

ජාතික සම්පත් විදේශයන්ට විකිණීම සම්බන්ධයෙන් රජයේ තීරණ වෙනස් නොවන්නේ නම් දැවැන්ත වැඩ වර්ජනයක් දියත් කිරීමට සූදානම් බව ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

එහි කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.

ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා,

“මේ රටේ රාජ්‍ය ආයතන අදටත් මෙහෙම හරි රැකිලා තියෙන්නේ වෘත්තීය සමිති සටන් නිසා. අපි ආණ්ඩුවට කියන්නේ, තත්ත්වය ඉතාමත් බැරෑරුම්. තවදුරටත් ආණ්ඩුව මුරණ්ඩු ලෙස සහ අත්තනෝමතික ලෙස කටයුතු කරනවා නම් මහත්තුරු සිංහාසනයෙන් බස්සන්න වුණත් අපිට කටයුතු කරන්න සිද්ධවෙයි. විදුලිබල මණ්ඩලය, වරාය, ඛනිජ තෙල් වගේ ප්‍රධාන ක්ෂේත්‍ර වර්ජන ක්‍රියාමාර්ගයකට ගියොත්.., ඒක අපේ අවසන් ක්‍රියාමාර්ගය. අපිව එතනට තල්ලු කරන්න එපා. පැයක දෙකක වැඩවර්ජනයකින් ආණ්ඩුව දණගස්වන්න පුළුවන්.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?