වාර්තාවක් තබමින් සිය තනතුරට සමුදුන් සංගා

එංගලන්තයේ සුප්‍රකට මැරලිබෝර්න් ක්‍රිකට් ක්‍රීඩා සමාජය හෙවත් එම්.සී.සී ක්‍රීඩා සමාජයේ සභාපති ධූරය දැරූ කුමාර් සංගක්කාර වසර දෙකකට අධික කාලයකට පසුව එම තනතුරට සමුදුන්නේ තවත් ඓතිහාසික වාර්තාවක් ද සමගින්.

මෙම ගෞරවනීය ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ සභාපතිත්වය හිමි කරගත් පළමු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා වීමේ භාග්‍යය දිනාගත් කුමාර් සංගක්කාරගේ අනුප්‍රාප්තිකයා වන්නේ එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකාවක වන ක්ලෙයාර් කොනර්යි.

ඇය මෙම ක්‍රිඩා සමාජයේ වසර 234 ක ඉතිහාසයේ හි පළමු කාන්තා සභාපතිනිය වන අතර ඇය ක්‍රිකට් ක්‍රීඩාවේ මහ ගෙදර ලෙස සැලකෙන ලෝර්ඩ්ස් ක්‍රීඩාංගනයේදී මෙම ගෞරවනීය රාජකාරියේ වැඩ ආරම්භ කලා.

කාන්තා අළු බඳුන කුසලානය දිනා ගත් එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය දුන් ක්ලෙයාර් කොනර් මෙම තනතුරු සදහා නම් කෙරුනේ 2020 වසරේදීයි.

නමුත් ඒ සමගම ලොව පුරා පැතිර ගිය කෝවිඩ් වසංගත තත්වය හේතුවෙන් ඇයට එම තනතුර භාර ගැනීමට සුදුසු පරිසරයක් සකස් නොවූ අතර ඒ හේතුවෙන් කුමාර් සංගක්කාරගේ සභාපති ධූර කාල සීමාව තවත් වසරකින් දීර්ඝ කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55