මොයින් අලී ටෙස්ට් පිටියට ආයුබෝවන් කීමට සැරසෙයි

එංගලන්ත කණ්ඩායම නියෝජනය කරන තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලී ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

තවමත් 34 වැනි වියේ පසුවන මොයින් අලී එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 64ක් ක්‍රීඩා කරමින් ලකුණු 2914ක් රැස් කරගෙන තිබෙනවා.

දකුණත් ඕෆ්බ්‍රේක් පන්දු යවන්නෙකු වන මොහු ටෙස්ට් පිටියේ බිඳ හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 195ක්.ඕස්ට්‍රේලියාව සමඟ අළුබඳුන තරගාවලිය පෙනෙන මානයේ තිබිය දී මොයින් අලී ගත් මෙම තීරණය සම්බන්ධයෙන් මේ වනවිට බොහෝ දෙනෙකු පුදුමට පත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?