එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ගෙන් ජනපතිට පැසසුම්..!

ජාතීන් අතර සමගිය වර්ධනය කර ගනිමින් ඉදිරියට ගමන් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහය ඉතා ධනාත්මකව ශ්‍රී ලංකාවට ලබාදෙන බව එහි මහ ලේකම් අන්තෝනියෝ ගුටරේස් පවසනවා. 

එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ඊයේ පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී මහ ලේකම්වරයා මේ බව අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා සමග සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබීම සතුටට කරුණක් බව මෙහිදී ජනාධිපතිවරයා සිහිපත් කර තිබෙනවා. 

ලෝකයේ සියලු රටවල් මුහුණ දී සිටින අසීරු කාල පරිච්ඡේදයක එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙහෙයවීම පිළිබඳ සහ දෙවන වරටත් මහ ලේකම් ධූරයට පත්වීම පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට සිය සුභාශිංසන පිරිනැමුවා. 

කුඩා ආර්ථිකයක් ඇති ශ්‍රී ලංකාව වැනි රටක් කොවිඩ් වසංගතය හමුවේ මුහුණ දෙන අභියෝග පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා දැනුවත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

කොවිඩ් වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට සහ ආර්ථිකයට එල්ල වී ඇති දැඩි බලපෑම පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා. 

කොරෝනා වසංගතයට සාර්ථකව මුහුණදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදෙන සහයෝගය ද මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක්වුණා. 

මේවනවිට ශ්‍රී ලංකාවේ සමස්ථ ජනගහනයෙන් අඩකට වැඩි පිරිසක් පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇති බව සඳහන් කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, නොවැම්බර් මස අවසන්වීමට පෙර වයස අවුරුදු 15 ට වැඩි සියලුදෙනා පූර්ණ එන්නත්කරණයට ලක්කිරීමට සියලු කටයුතු සැලසුම් කර ඇති බව ද ලේඛණ සහිතව පෙන්වා දී තිබෙනවා. 

එන්නත්කරණයේදී ශ්‍රී ලංකාව අත්කර ගෙන ඇති ප්‍රගතිය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගේ ප්‍රශංසාවට ද ලක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටළු, රටේ අභ්‍යන්තර යාන්ත්‍රණයක් ඔස්සේ විසඳාගත යුතු බවත්, ඒ සඳහා දෙමළ ඩයස්පෝරාවට සාකච්ඡා සඳහා එක්වන ලෙස ඇරයුම් කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී සඳහන් කර තිබෙනවා. 

එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සැමවිටම ඉතා සමීපව කටයුතු කිරීමට සූදානම් බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා. 

නැවත වරක් බෙදුම්වාදයක් ශ්‍රී ලංකාවේ ඇති නොවන බවට සහතික විය හැකි වුවත්, ආගමික අන්තවාදය පිළිබඳ රජයක් ලෙස ශ්‍රී ලංකාව සේම සෙසු රාජ්‍යයන් ද සුපරික්ෂාකාරී විය යුතු බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී අවධාරණය කර ඇත්තේ. 

-NethNews

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෝබිලාගේ ආතල් ඉවරයි - ඉවරයි ඉවරයි
01:05
Video thumbnail
සංවර්ධන නිලධාරීන් සියලුදෙනා ගුරු විභාගය ලියන්න එකඟ වුණා..විපක්ෂය රට 70 - 77ට ගෙනියන්න යන්නේ
06:19
Video thumbnail
අම්මෝ කොහොමද සෙනඟ - නාමල්ගේ අතින් අල්ලන්න පොරකයි
02:06
Video thumbnail
නව විගණකාධිපතිවරයා තෝරා පත්කර ගනී.."කොහොමත් ජනපති දැම්ම කෙන තමයි පත් කරන්නේ.."
01:08
Video thumbnail
එළියට ආ නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
05:56
Video thumbnail
අපිට සතුටුයි..විධායක ජනපති හැටියට දුන්න පොරොන්දුවලට..මාරාන්තික උපවාසය තාවකාලිකව නවත්වයි
06:16
Video thumbnail
CIDයෙන් එළියට ආ නාමල්ව ජන ගඟක් වටකරගනී
03:49
Video thumbnail
මිහින්තලේ හිමි සහ සමන්තභද්‍ර හිමි කටුසෑය වන්දනා කිරීමට එයි..මිහින්තලේ ඝංඨාරය උමංදාවට ඇහෙනවා
11:33
Video thumbnail
අධිකරණ ඇමති ඉන්නේ ප්‍රේමදාස දීපු ගෙදරේ
10:21
Video thumbnail
ජය ඝෝෂා මැදින් ශිරන්ති එළියට ආ හැටි - ලක් අම්මට ජයවේවා
01:29


?