AFC Banner
Empty Ad
Empty Ad

ක්‍රීඩකයන් දෙදෙනෙකුට T20 ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාට සහ තුන් ඉරියව් ක්‍රීඩක ලහිරු මදුෂංකට ලෝක කුසලාන පන්දු වාර විස්ස ලෝක කුසලානය තරගාවලිය අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා.

මිට හේතුවී ඇත්තේ මෙම ක්‍රීඩකයින් දෙදෙනාම මේවන විට ශාරීරික ආබාධයන්ට ගොදුරුව සිටීමයි.

කොරෝනා වෛරසය ආසාදනය වී ඉන් සුවය ලැබූ කුසල් ජනිත් පෙරේරා ඊයේ දකුණු අප්‍රිකාව සමග පැවති තුන්වන සහ අවසන් පන්දුවාර 20 තරගයට එක්වුව ද කඩුලු රැකීමේ කාර්යයට එක්ව සිටියේ නැහැ.

ඊට හේතු වූයේ ඔහුගේ පාදයේ කලවා මස් පිඬුවක මතුව ඇති ආබාධයක්.

මේ හේතුවෙන් ඔහුට තවත් ටික කලක් කූීඩාවෙන් ඈත්ව සිටීමට සිදුවන බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එමෙන්ම ඊයේ තරගයට එක්වූ තුන් ඉරියව් ක්‍රීඩක ලහිරු මදුෂංක ද උරහිසේ අස්ථියක මතුවූ ආබාධයකින් පීඩා විඳිනවා.

මේ හේතුව නිසා ඔහුටත් එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වීමට නොහැකිවන බවයි කණ්ඩායම් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මේ දෙදෙනා වෙනුවට ආදේශක ක්‍රීඩකයින් සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේදී තීරණයක් ගනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?