AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා කණ්ඩායමට අන්ත පරාජයක්

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති අවසන් විස්සයි විස්ස තරඟයේ ජයත් තමන් සතු කරගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුනා.

ඒ අනුව විස්සයි විස්ස තරඟාවලිය 3ට 0 ලෙස අමිහිරි පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකාවට සිදුවූවා.

පන්දුවාර 20 ලෝක කුසලානයට තවත් මාසයකට ආසන්න කාලයක් ඉතිරිව තිබියදී මෙම තරගයේදීත් අතිශය දුර්වල පිතිකරණ විලාශය ශ්‍රී ලංකා පිතිකරුවන් පිළිබිඹු කළේ සිය වගකීම් කොටස ද අමතක කරමින්.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

අද තරගයට වෙනස්කම් තුනක් සිදුකරමින් ශ්‍රී ලංකා කණ්ඩායම එක් වුණේ අවිශ්ක, කමිඳු සහ ලහිරු මධුසංක කණ්ඩායමට කැඳවමින්.

මෙම තරගාවලිය පුරාම ශ්‍රී ලංකා පිතිකරුවන්ට සිය රිද්මය අමතක වෙද්දී අදත් පන්දුවාර 20 නිමා කරන්නට සිදුවුණේ කඩුළු 8ක් දැවී යන්තම් ලකුණු 120ක් රැස් කරමින්.

මෙම තරගයේදී පාදයේ ආබාධයකට මුහුණ දුන් කුසල් ජනිත් පෙරේරා ලකුණු 39ක් රැස් කළා.

චාමික කරුණාරත්න නොදැවී ලකුණු 24යි.

කගීසෝ රබාඩා සහ බිජොන් ෆෝචූන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

ජයග්‍රාහී ලකුණු 121ක ඉලක්කය පන්දුවාර 14යි පන්දු 4කදී කිසිවෙකු නොදැවී සපුරාගත් දකුණු අප්‍රිකානුවන් තරගය සටනකින් තොරවම ජයගත්තා.

දකුණු අප්‍රිකාවට ජය ගෙනා ක්වින්ටන් ඩිකොක් නොදැවී ලකුණු 59ක් සහ රීසා හෙන්රික්ස් නොදැවී ලකුණු 56ක් ලබාගත්තා.

මේ අනුව දකුණු අප්‍රිකානුවන් ලෝක කුසලානයට හොඳ හැටි පෙර පුහුණුවක් ලබාගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමට තරග 3ට 0ක් ලෙසින් පූර්ණ තරගාවලි පරාජයක් උරුම කර දෙමින්.

2019 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම ජගත් පන්දුවාර 20 තරග 29කට මුහුණ දී තිබෙන අතර ඉන් තරග 7ක් පමණක් ජය ගනිද්දී තරග 20කම පරාජය වැළඳ ගත්තා.

මෙලෙසින් ක්‍රීඩකයින් පසු බසිද්දී,ලෝක කුසලානය පෙනෙන මානයේ සිටියදී පවා දම් ඉත්තන් මෙන් ක්‍රීඩකයින් මාරු කරමින්,අතීසාරයට අමුඩේ නොගසා නිවැරදි විසදුමක් දෙන්නට දැන්වත් ක්‍රිකට් කරවන ඇත්තන්ගේ නුවණ පහළවන්නේ නම් ක්‍රිකට් තරග නරඹා අවසානයේ සෝ සුසුම් හෙලන්නට මෙරට සුවහසක් වූ ක්‍රීඩා ලෝලීන්ට සිදු නොවනු ඇති.

නිම වූ ක්‍රිකට් ගැටුමේ කෙරුවාව පහතින්.

image 11
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉංග්‍රීසි දන්නේ නැති මෛත්‍රී ඉංග්‍රීසි දන්නවා වගේ ඉන්න ලස්සන #shorts #viralvideo #trendingnews
00:12
Video thumbnail
රනිල් - චන්ද්‍රිකා - මෛත්‍රී එකම වේදිකාවක - රනිල් චන්ද්‍රිකාට කිව්ව රහස #srilankapolitics
00:46
Video thumbnail
ඔක්තෝම්බර් 01වෙනදි විදුලි බිල සංශෝධනය වන දිනයතාම කතාවක් නෑ #npp #anurakumaradissanayake
02:12
Video thumbnail
ඇය සතුටින් ගෙවන ජීවිතේ #shorts #vairalvideo
00:16
Video thumbnail
කතන්දර එපා.... විවෘතව කතා කරන්න - ආනන්ද පාලිතගෙන් ජනපතිට දෝස්මුරයක්
02:12
Video thumbnail
සැඩ පහරට ගිය සුපිරිය රිය ගොඩට ගත් ක්‍රියාන්විතය
05:29
Video thumbnail
හොරු අල්ලන්න එන රන්ජන් #ranjanramanayake
07:27
Video thumbnail
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ඇමතූ ජනපති අනුර
00:42
Video thumbnail
අමුතු අමුතු ටෙළි නාට්‍ය තියෙන්නේ - දමිතා එනවා නාහෙන් අඬනවාහඬ පටයක් දානවා
03:32
Video thumbnail
වසර 88කට පසුව රාජපක්ෂ පවුලේ එකෙක් ඉදිරිපත් නොවෙන එකම මැතිවරණය #rajapaksafamily
03:41

?