AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකා එක්දින තරගාවලියේ ජය ලංකාව හිමිකරගනී

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර අවසන් සහ තුන්වන එක්දින ක්‍රිකට් ගැටුමේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 9ක් දැවී ලකුණු 203ක් රැස්කළා.

ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකාව අතර කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන 3 වන සහ අවසාන එක්දින ක්‍රිකට් තරගයේදී තවත් නවක ක්‍රීඩකයෙකු එක්දින ජාත්‍යන්තර තරග වරම් ලැබුවා.

ඒ දඟ පන්දු යවන්නෙකු ලෙස දස්කම් පෙන්වන මහීෂ් තීක්ෂණයි.

කොළඹ ශාන්ත බෙනඩික් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඔහු 2000 වසරේදී හෝ ඉන් පසු උපත ලබා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එක් වන ප්‍රථම ක්‍රීඩකයායි.

21 වන වියේ පසුවන ඔහු කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා යුධ හමුදාව ද නියෝජනය කරනවා.

ප්‍රවීණ ක්‍රීඩකයෙකු වූ දිනේෂ් චන්දිමාල්ද අද තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායමට එක් වුණා.

දකුණු අප්‍රිකාව පන්දුවාර 30 අවසානයේ සියල්ලන් දැවී 125ක් රැස් කලා මේ අනුව තරග 3න් 2ක් ජය ලබා තරගාවලියේ ජය ලංකාව හිමිකරගත්තා.

image 1
image 2
image 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?