AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පළමු එක්දින සටන හෙට

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට (02) සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

ඒ අනුව දෙරට අතර පළමු එක්දින තරගය හෙට (02) පස්වරු 3.00ට දිවා-රාත්‍රී තරගයක් ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ශානක විසින් දරන අතර, ටෙම්බා බවුමා දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකත්වය දරනු ඇති.

එක්දින තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ තරග තුනම කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට සැළසුම් කර තිබේ.

කණ්ඩායම් දෙක අතර තරග තුනකින් සමන්විත පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය මේ මස 10 වැනිදා ආරම්භවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?