ලාංකේය ජනතාවගේ රන් සිහිනය සැබෑ කළ ‘උණ්ඩයටත් පැරදිය නොහැකි වූ’ වීරයාගේ කතාව

පැරාලිම්පික් උළෙලේ එෆ් 46 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේදී නව ලෝක වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම දිනාගත් ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත ක්‍රීඩකයාට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා.

ෆේස්බුක් සටහනක් තබමින් ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ මෑත ඉතිහාසයේ ක්‍රීඩාවෙන් ලැබු සුවිශේෂීම ජයග්‍රහණය මෙය බවයි.

පැරලිම්පික් උළෙලකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයකු දිනාගත් පළමු රන් පදක්කම ලෙසද මෙය වාර්තා අතරට එක් වුණා.

ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව නියෝජනය කරන 35 හැවිරිදි දිනේෂ්, 2008 වසරේ දී එල්.ටී.ටී.ඊ සංවිධානයේ ප්‍රහාරයකට ලක්ව තුවාල ලැබූ අයෙක් වනවා.

2016 රියෝ පැරාලිම්පික් උළෙලේදීද ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට දිනේෂ්  සමත් වූ අතර 2017 වර්ෂයේ ලන්ඩන්හිදී පැවති ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියේදී ද ලෝකඩ පදක්කමක් දිනා ගත්තා.

ඊට අමතරව ඉන්දුනීසියාවේ ජාකර්තාහිදී පැවති ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ රන් පදක්කමත්, 2019 වර්ෂයේ ඩුබායි හිදී පැවති ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියේ ලෝකඩ පදක්කමත් දිනේෂ් දිනූ පදක්කම් ලැයිස්තුවට ඇතුළත් වනවා.

අද පැවති තරග ඉසව්වේ රිදී සහ ලෝකඩ පදක්කම් ඉන්දියාව සතුවූ අතර එම පදක්කමට හිමිකම් කී ක්‍රීඩකයන් දෙදෙනාද පැරණි වාර්තාව අභිබවා යෑමට සමත් වීම විශේෂත්වයක්.

ලාංකේය ජනතාවගේ සිහින සැබෑ කළ ‘අපේ වීරයාට’ GossiplankaNews.lk සුබපැතුම්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉරාන නෞකාවට ලංකාවට එන්න දුන්නානම් ඈත කලාපයේ තිබුණු යුධ ගැටුම මෙහෙට එනවා
07:07
Video thumbnail
ඉන්ධන මිල වැඩි වෙයිද ? CPC එකෙන් විශේෂ ප්‍රකාශයක්..සෙනසුරාදා සහ ඉරිදා තෙල් බෙදනවා
06:14
Video thumbnail
ගැම්මට අතත් වනාගෙන පාර්ලිමේන්තුවට ආ හැටි ජනපති..මන්ත්‍රීට එන ගමන් මොකක්ද ඒ කිව්වේ ?
00:58
Video thumbnail
"අධිකරණ ඇමති මැද ඇඟිල්ල පෙන්නලා දිව දානවා"පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්..
01:48
Video thumbnail
Actually Great System..දැන් කිසි කරදරයක් නෑ..ඉන්ධන හල්වල අද තත්ත්වය
02:26
Video thumbnail
අජිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මොකක්ද මේ කුණුහරුප රජය..මුන් ඇමතිලද ? -
02:48
Video thumbnail
කාත්තන්කුඩියේ යාචක කණ්ඩායම් නොසන්සුන්වෙයි..ගැ#මෙන් පුද්ගලයන් දෙදෙනෙකුට බරපතළයි
01:12
Video thumbnail
චමින්ද නැගිටලා හතර වටේටම දෙසයි.."කථානයක මේක පුදුම පච කියවිල්ලක්නේ"
06:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.20
00:00
Video thumbnail
මොන ඔත්තේ ඉරට්ටේ තිබුණත් දිග පෝළිම්..තෙලුත් නෑ..ජනපතිට සතියෙන් සතියට ජනතාව දැනුවත් කරන්න වෙලා
04:47