කැරිබියන් ප්‍රිමියර් ලීග් ඉතිහාසය ඉසුරු අලුත් කරයි

ඉසුරු උදානගේ කැපී පෙනෙන පන්දු යැවීම හමුවේ ජවය ලද ට්‍රින්බාගෝ නයිට්රයිඩර්ස් කණ්ඩායම කැරිබියන් ප්‍රිමියර් ලීග් විසිසයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පැවැති සිව්වැනි තරගයෙන් බාර්බඩෝස් රෝයල්ස් හමුවේ කඩුලු 6ක පහසු ජයක් ලැබීය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බාර්බඩෝස් සියලුදෙනා දැවී රැස්කළ ලකුණු 122ක ඉලක්කය හඹාගිය ට්‍රින්බාගෝ නයිට්රයිඩර්ස් පන්දුවාර 16.5කදී කඩුලු 4ක් දැවී ලකුණු 125ක් රැස්කරමින් අදාළ ජය සපුරා ගැණින.

මෙතෙක් කැරිබියන් ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ ට්‍රින්බාගෝ කණ්ඩායමක් වෙනුවෙන් වාර්තා වූ හොඳම පන්දු යැවීම සටහන් කළ ඉසුරු උදාන ලකුණු 21කට කඩුලු 5ක් දවා ගනිමින් තරගයේ වීරයා බවට පත් විය.

ඉසුරු උදාන ප්‍රමුඛ ට්‍රින්බාගෝ පන්දු යවන්නන් හමුවේ බාර්බඩෝස් වෙනුවෙන් ලකුණු 20 සීමාව ඉක්මවා යා හැකි වූයේ ග්ලේන් පිලිප්ස් (24) සහ අසාම් ඛාන්ට (30) පමණි.

ට්‍රින්බාගෝ ජයග්‍රහණය ඉක්මන් කළ නායක කිරන් පොලාඩ් හයේ පහර 6ක් සහ හතරේ පහර 3ක් සමගින් පන්දු 30කදී නොදැවී ලකුණු 58ක් රැස්කර ගත්තේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉරාන නෞකාවට ලංකාවට එන්න දුන්නානම් ඈත කලාපයේ තිබුණු යුධ ගැටුම මෙහෙට එනවා
07:07
Video thumbnail
ඉන්ධන මිල වැඩි වෙයිද ? CPC එකෙන් විශේෂ ප්‍රකාශයක්..සෙනසුරාදා සහ ඉරිදා තෙල් බෙදනවා
06:14
Video thumbnail
ගැම්මට අතත් වනාගෙන පාර්ලිමේන්තුවට ආ හැටි ජනපති..මන්ත්‍රීට එන ගමන් මොකක්ද ඒ කිව්වේ ?
00:58
Video thumbnail
"අධිකරණ ඇමති මැද ඇඟිල්ල පෙන්නලා දිව දානවා"පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්..
01:48
Video thumbnail
Actually Great System..දැන් කිසි කරදරයක් නෑ..ඉන්ධන හල්වල අද තත්ත්වය
02:26
Video thumbnail
අජිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මොකක්ද මේ කුණුහරුප රජය..මුන් ඇමතිලද ? -
02:48
Video thumbnail
කාත්තන්කුඩියේ යාචක කණ්ඩායම් නොසන්සුන්වෙයි..ගැ#මෙන් පුද්ගලයන් දෙදෙනෙකුට බරපතළයි
01:12
Video thumbnail
චමින්ද නැගිටලා හතර වටේටම දෙසයි.."කථානයක මේක පුදුම පච කියවිල්ලක්නේ"
06:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.20
00:00
Video thumbnail
මොන ඔත්තේ ඉරට්ටේ තිබුණත් දිග පෝළිම්..තෙලුත් නෑ..ජනපතිට සතියෙන් සතියට ජනතාව දැනුවත් කරන්න වෙලා
04:47