මහේල ජයවර්ධන ක්‍රිකට් වාර්තා පොත් යළිත් අලුත් කරයි

එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් පළමු වරට සංවිධාන කළ “ද හන්ඩ්‍රඩ්” හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දැරූ සදර්න් බ්‍රේව් කණ්ඩායම සමත් වී තිබෙනවා.

ඒ, ඊයේ පැවති අවසන් මහා තරගයේ දී බර්මින්හැම් ෆීනික්ස් කණ්ඩායම ලකුණු 32කින් පරාජයට පත් කරමින්.

ලන්ඩනයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසියේ දිනූ බර්මින්හැම් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි සදර්න් බ්‍රේව් පිතිකරුවන් නියමිත පන්දු සියය අවසානයේ කඩුලු‍ 5ක් දැවී ලකුණු 168ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බර්මින්හැම් ෆීනික්ස් කණ්ඩායමට නියමිත පන්දු 100 අවසානයේ ලබාගත හැකිවූයේ කඩුළු 5ක් දැවී ලකුණු 136ක් පමණයි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත පන්දු වාර විස්ස තරගාවලියේ ඊයේ පැවත්වීමට තිබූ තරඟ දෙකම වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවුණා.

මේ හේතුවෙන් කණ්ඩායම් 4ටම ප්‍රසාද ලකුණ බැගින් ලබාදීමටයි තීරණය කෙරුණේ. පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ග්‍රේස් සහ රෙඩ්ස් කණ්ඩයම් මෙන්ම ග්‍රීන්ස් සහ බ්ලූස් කණ්ඩායම් අතර තරඟ පැවැත්වීමට නියමිතව තිබුණා.

දිවා තරඟයක් ලෙස ග්‍රීන්ස් සහ බ්ලූස් අතර ආරම්භ වූ තරඟය පන්දු වාර 7කට පමණක් සීමා වූණා.

ඉන් අනතුරුවයි පිටියට වර්ෂාව ඇද හැලුණේ.

ඒ අනුව තරඟ දෙකම ඉන් ඉදිරියට පැවැත්වීමට හැකි වූයේ නැහැ.

මෙම තරඟ දෙකම පෙරේදා පැවැත්වීමට නියමිතව තිබුණත් ඔවුන් නවාතැන්ගෙන සිටි හෝටලයේ සේවකයන් කිහිප දෙනෙකුට කොරෝනා වැලදීම හේතුවෙන් තරඟ ඊයේ දිනයට කල් දැමුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09
Video thumbnail
අළුගොල්ල කන්දේ හදිසියේම හටගත් විශාල ගින්න
01:24
Video thumbnail
පුලතිසි රාජා මෛත්‍රිපාලව බලන්න එයි
01:06
Video thumbnail
රු.100ක් නොදුන් නිසා සිසුන් දෙදෙනෙකුට ගැ#ව සවල් චණ්ඩි
00:40