කොන්ඩමය නිසා ලැබුණු ඔලිම්පික් පදක්කම

පසුගියදා නිමාවුණු ඔලිම්පික් උළෙල රසවත් සිදුවීම් රැසකින් පිරී තිබුණා.

කොවිඩ් වසංගතයෙන් ඔලිම්පික් උළෙලට දැඩිලෙස බලපෑම් එල්ල කලත්, එය පැවැත්වීමට ජපානය බාරගත්තු අභියෝගය සුළුපටු එකක් නොවේ.

ටෝකියෝ ඔලිම්පික් උළලේ කරට කර තරඟයකින් පසු ඇමරිකාව ජය හිමිකර ගත්තා. ඒ රන් පදක්කම් 39 ක් දිනාගනිමින්. දෙවන ස්ථානය ලැබූ චීනය රන් පදක්කම් 38ක් දිනාගත්තා. සත්කාරක ජපානය රන් පදක්කම් 27 ක් දිනාගනිමින් තුන්වන ස්ථානයට පත්වුණා.

රස්වත් සිදුවීම් කිහිපයක්ම සිදුවුණු ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ඕස්ට්‍රේලියාණු ඔරු පැදීමේ ක්‍රීඩිකාවකට සිදුවුණු රසවත් අත්දැකීමක් පිළිබඳ වාර්තා වුණා.

ඕස්ට්‍රේලියාවේ ඔරු පැදීමේ ශූරියක් වුණු “ජෙසිකා ෆොක්ස්” ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ අපූරු වීඩියෝවක් පළකර තිබුණා. ඒ ඇගේ ඔරුවේ කිරීමට සිදුවුණු අලුත්වැඩියාවක් සඳහා කොන්ඩමයක් (උපත් පාලන කොපුවක්) භාවිතා කරන ආකාරය දැක්වෙන වීඩියෝවක්.

තරඟය ආරම්භ කිරීමටට ආසන්නව තිබියදී ඇයට ඔරුවේ දෝෂයක් ඇතිබව වැටහී යනවා. ඔරුව අලුත්වැඩියා කිරීමට කාල වෙලාවක් නොතිබුණ නිසා ඇය ඔවුනට ලබා දෙන කොන්ඩමයක් භාවිතා කරලා ඔරුව සක්සා ගන්නවා.

“ජෙසිකා ෆොක්ස්” තරඟයට සහභාගි වී ලෝකඩ පදක්කම හිමි කර ගන්නවා.

ඇය පසුව පවසා තිබුණේ ඇයට එම කොන්ඩමය නොලැබුණා නම් තරඟයේ ස්ථානයක් දිනා ගැනීම්ට නොහැකි වීමට ඉඩ තිබුණු බවයි.

 “ජෙසිකා ෆොක්ස්” ලන්ඩන් ඔලිම්පික් උළලේ සහ රියෝ ඔලිම්පික් උළෙලේදී රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගත් දක්ෂ ක්‍රීඩිකාවක්.

ඇය මෙහිදී ස්ථානෝචිත ප්‍රඥාව අනුව කටයුතු කිරීම නිසා පදක්කම්ක් දිනාගැනීමට පුළුවන් වුණා.

ඇත්තටම එය අගය කළ යුතු කරුණක් නේද



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පති, අටමස්ථානාධිපති බැහැ දකියි..පොලිසියට සහ ජනපතිට ප්‍රශංසා - පොලිසියේ පිරිස අඩුයි
13:55
Video thumbnail
පොලිස්පතිගේ ප්‍රධානත්වයෙන් රුවන්වැලි මහා සෑයේ සහ ශ්‍රී මහා බෝධියේ කළ පිංකම්
03:36
Video thumbnail
"හාමුදුරුවෝ එක කෝල් එකයි දුන්නේ ජනපති උදව් කළා"අපේ ආණ්ඩුව කියන්න පුළුවන් ආණ්ඩුවක් මේ
02:47
Video thumbnail
නාමල් දන්නවා නාමල් කළේ මොකක්ද කියලා - අත්අඩංගුවට ගන්නවා කියලා දන්නවනම් කලින් රැස්වීම් තියන්න
02:22
Video thumbnail
කතරගම චණ්ඩින්ගේ හපන්කම් මෙන්න - ගෙවල් කඩලා, ළමයින්ගේ පොත් පත්, ඇඳුම් සේරම ගිනි තියලා ගිහින්
03:30
Video thumbnail
ටීපර් රථයක් පළතුරු කඩයක් කඩාගෙන නැවතෙයි - 31ක හැවිරිදි පුද්ගලයෙක්ට දිවි අහිමි වෙයි
00:43
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50