ශ්‍රී ලංකා කණ්ඩායමට කලෙකින් තරගාවලි ජයක්

ඉන්දීය කණ්ඩායම සමග  පැවති තෙවැනි හා අවසන් පන්දුවාර 20 ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය මීට ටික වේලාවකට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සතුවුනා.

ඒ ඉන්දීය කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමින්.

කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී පැවති තෙවැනි පන්දුවාර 20 තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුලදී රැස්කර ගත්තේ ලකුණු 81ක් පමණයි.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායකයා ආර් ප්‍රේමදාස පිටියේ පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

දරුණු කොවිඩ් ප්‍රහාරයකට ලක්වූ ඉන්දීය කණ්ඩායම මෙම තරගයට පිවිසුනේත් නවකයින් ගොන්නක් පිරිවරාගෙනයි.

ඊයේ දිනට වඩා හොඳින් තරගයට අවතීර්ණ වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අත තරගයේදී ක්‍රීඩා පිටියේ උසස් ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළා.

එහි ප්‍රතිඵලය වූයේ පළපුරුදු ක්‍රීඩකයින් තිදෙනෙකුගෙන් පමණක් සමන්විත ඉන්දීය කණ්ඩායමේ පිතිකරුවන් එකා පස එකා හැරී ක්‍රීඩාගාරයට යාමයි.

කිසිදු ඉන්දීය ක්‍රීඩකයෙකුට පිටියේ ස්ථාවර වීමට ඉඩ නොතැබූ ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඔවුන්ගේ කාර්ය භාර්යය මැනවින් ඉටු කරද්දී පිටියේ පන්දු රැකීමත් ඉහළ මට්ටමක තිබුණා.

ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුලු 5ම මුලු ලකුණු සංඛ්‍යාව 36ක් වෙද්දී බිඳවැටී තිබුණා.

ඉන්දීය ඉදිරිපෙළ පිතිකරුවන්ට ප්‍රබල පීඩනයක් එල්ල කළ වනිඳු හසරංග සිය පන්දුවාර 4 තුලදී ලකුණු 9ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබාදෙමින් ඔවුන්ගේ කඩුලු 4ක් සිය පැස තුල දමාගන්නට සමත්වුනා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා පන්දුවාර 4ක් තුල ලකුණු 20ක් ලබාදෙමින් ඉන්දීය කඩුලු දෙකක් දවාගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායමට යම් තරමක හෝ ප්‍රතිරෝදයක් එල්ලවූයේ දගපන්දු යවන ක්‍රීඩක කුල්දීප් යාදෙව්ගෙන් පමණයි.

ඔහු ඉන්දීය ඉනිම නිමාවන විට නොදැවී ලකුණු 23ක් ලබාසිටියා.

උප නායක බුවනේශ්වර් කුමාර් කඩුල්ල රැකගෙන ලකුණු අතරට යාමට උත්සාහ කළ ද ඔහුට සිදුවූයේ දසුන් ශානකගේ පන්දු හමුවේ ලකුණු 16කට දැවී යන්නටයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ විශිෂ්ඨ පිටියේ පන්දු රැකීම හමුවේ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 නිමාවෙද්දී කඩුලු 8කට ලකුණු 81ක් රැස් කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 82ක ඉලක්කයක් ඉතිරිකර තබමින්.

ලකුණු 82ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල බිඳවැටුනේ මුලු ලකුණු සංඛ්‍යාව 23ක්ව තිබියදීයි.

පළමු පන්දුවාර කිහිපය තුල ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන්ට ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට බුවනේශ්වර් කුමාර් ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නන් සමත්වුනා.

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 12කට දැවී ගිය අතර ඔහු පසුපසින් මිනෝද් භානුක දැවීගියේ ලකුණු 18ක් ලබා සිටියදීයි.

ඊයේ තරගයේදී මෙන්ම අද තරගයේදීත් සිය වගකීම් කොටස පැහැරහැරි සදීර සමරවික්‍රම දැවීගියේ ලකුණු 6ක් ලබා සිටියදීයි.

පිතිකරණ ලැයිස්තුවේ උසස්වීමක් ලබාගෙන පිටියේ සිටි ධනංජය සිල්වා සමග එක්වූ වනිඳු හසරංග පන්දුවාර 15ක් තුලදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේ සිව්වැනි කඩුල්ලට ලකුණු ක අඛණ්ඩ සබඳතාවක් ගොඩනගා ගනිමින්.

අවසන් මොහොතේත් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගේ නළල රැළි ගැසූ ඉල්ලීමක් නිෂ්ප්‍රභා කළ තෙවැනි විනිසුරු ධනංජය ද සිල්වා දැවී නොගිය ක්‍රීඩකයෙකු ලෙසට තීරණය කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී ලකුණ වයිඩ් පන්දුවකින් තීරණය වීමට ඉඩ හරිමින්.

ඒ අනුව දෙරට අතර පැවති තරග 3කින් සමන්විත පන්දුවාර 20 තරගාවලිය තරග 2ට එකක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09