AFC Banner
Empty Ad
Empty Ad

කාසියේ වාසිය දිනූ ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කරයි

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනූ ඉන්දියාව තීරණය කර ඇත්තේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

මෙම තරගාවලියේ පළමු තරගයෙන් ඉන්දියාව ජයගත් අතර ඊයේ පැවති දෙවන තරගයේ ජය හිමිවූයේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි.

මේ හේතුවෙන් තරගාවලිය ජය ගැනීම සඳහා මෙම අවසන් තරගය ජය ගැනීම දෙරටටම අතිශයින් වැදගත් වනු ඇති.

කුර්නාල් පාණ්ඩ්‍යා කොරෝනා ආසදිතයෙකු වීමෙන් පසු ඔහුගේ ආශ්‍රිතයන් වූ ප්‍රිත්වි ෂෝ, සූර්ය කුමාර් යාදව්, මනිෂ් පාණ්ඩේ, ඉෂාන් කිෂාන්, යුෂ්වේන්ද්‍ර චහාල් ඇතුළු ක්‍රීඩකයන් අද තරගයට ද සහභාගි වන්නේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?