දැරියක පුද්ගලයකු අතවර කරන බවට දැණුම් දුන්නේ ත්‍රිරෝද රථ රියදුරෙක්

ගම්පහ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක 17 හැවිරිදි සිසුවියකට තලංගම කිඹුලාවල හන්දියේ රථගාලක මෝටර් රථයක් තුළදී ලිංගික අතවර කළ බව කියන එම පාසලේ තොරතුරු තාක්ෂණවේදය උගන්වන 49 හැවිරිදි ආබාධිත ගුරුවරයා අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.
දැරියගේ පුංචි අම්මා ලන්ඩන්වල පදිංචිව සිටින නිසා එම රටට යෑමට අවශ්‍ය අධ්‍යාපන කටයුතු සිදු කර ගැනීම සඳහා අවශ්‍ය පොත් කීපයක් අතවරයට පත් දැරියට ලබාගැනීමට අවශ්‍යව තිබූ බැවින් එම පොත් කොල්ලුපිටිය ප්‍රදේශයෙන් මිලදී ගැනීම සඳහා උදවු කරන මුවාවෙන් මෙම දැරිය රවටා සැකකාර ගුරුවරයා ඔහුගේ මෝටර් රථයෙන් කොළඹට රැගෙන විත් තිබූ බව පොලිසිය කියයි.

එම දැරියගේ මව අංශභාගයෙන් පෙළෙන අතර සැකකාර ගුරුවරයාගේ ඉගැන්වීම මත දැරිය මවට පවසා ඇත්තේ ඔන්ලයින් පන්ති නිම වීමෙන් පසු ටීචර් සමඟ පොත් මිලදී ගැනීම සඳහා යන බවට යැයි දැරියගේ ප්‍රකාශයකින් අනාවරණය වී තිබෙනවා.

සැකකාර ගුරුවරයා ගම්පහ සිට දැරියව මෝටර් රථයේ ඉදිරිපස අසුනේ නංවාගෙන පැමිණ කිඹුලාවල රථ ගාලේ මෝටර් රථය ගාල් කිරීමෙන් අනතුරුව දැරිය අමතා තිබූ සැකකරු මෝටර් රථයේ ඉදිරිපස අසුනේ මැද තීරුවෙන් පිටුපස අසුනට යන ලෙස පවසා තිබූ බව පොලිසිය කියයිගුරුවරයාගේ දැනුම්දීම මත එම අසුනට එයාකාරයෙන් දැරිය ගිය පසු සැකකාර ගුරුවරයාද පිටුපස අසුනට ගොස් දැරියගේ ඇදුම් මෙන්ම ඔහුගේ ඇදුම්ද ගලවා දැරියට ලිංගික අතවර කර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.

ඒ බව දුටු ත්‍රිරෝද රථ රියැදුරෙක් කිඹුලාවල හන්දියේ රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා අසලට ගොස් කිඹුලාවල රථගාලේ මෝටර් රථයක් තුළ කුඩා දැරියකට පුද්ගලයකු ලිංගික අතවර කරන බවට කරන ලද දැනුම්දීමක් අනුව වහා ක්‍රියාත්මක වූ එම නිලධාරීන් දෙදෙනා එම ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේදී සැකකාර ගුරුවරයා එයාකාරයෙන් හැසිරෙන බවට තහවුරු වී තිබූ බව තලංගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක කියයි.

සැකකාර ගුරුවරයා සහ අතවරයට පත් දැරිය මුල්ලේරියාව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි චන්න පෙරේරා මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැරිය ලිංගික අතවරයට පත්ව ඇති බවට අනාවරණ වූ බව සුභාෂිණි මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

සැකකාර ගුරුවරයා කලකට ඉහතදී අනතුරකට පත්ව දකුණු පාදය අහිමිව කෘත්‍රිම පාදයක් පැලඳ සිටින අයෙක් බව පොලිසිය කියයි.

ගම්පහ, ඉඳිගොල්ලේ පදිංචි මෙම සැකකාර මෘදුකාංග ගුරුවරයා ලබන අගෝස්තු මස 04දා තෙක් රිමාන්ඩ් කිරීමට කඩුවෙල මහසේත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බවත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01