AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා කණ්ඩායම ෙදවන තරගයත් පරදි

ශ්‍රී ලංකා – ඉන්දියා දෙවැනි එක්දින තරඟය ජයගත් ඉන්දියාව තරඟාවලියේ ජය තමන් සතුකරගත්තා.

කෙසේ වෙතත් ආරම්භයේ පටන් ඉන්දීය පිතිකරුවන්ට ප්‍රබල අභියෝගයක් වන්නට කලකට පසු ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුනා.

එහිදී ආරම්භක පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් Suryakumar Yadav නැවත ඉන්දීය කණ්ඩායමේ බලාපොරොත්තු ඉහළ දමමින් ලකුණු 53ක් රැස්කරගත්තේ පන්දු 44කදීයි.

ඔහුගේ ඉනිමට හතරේ පහර 6ක් ඇතුලත්.

අවසානයේ නැවතත් ඔහුගේ දැවී යාමෙන් ශ්‍රී ලංකාවට ලැබුණු බලාපොරොත්තුව උදුරාගත්තේ Deepak Chahar විසින්.

ඔහු නොදැවී ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවූවා.

ඒ පන්දු 82කදී හයේ පහරක් සහ හතරේ පහර 7ක් එල්ලකර ලකුණු 69ක් රැස්කරගනිමින්.

පන්දු යැවීමේදී අගනා මෙහෙයක් ඉටුකළ Wanindu Hasaranga කඩුලු 3ක් දවාගත්තා.

කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන්, දසුන් ශානක එක් කඩුල්ල බැගින් දවාගත්තා.

මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

අද තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙනස්කමක් සිදුකරමින් කසුන් රාජිත කැඳවා තිබුණේ ඉසුරු උදාන වෙනුවටයි.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ අවිශ්ක ප්‍රනාන්දු සහ මිනෝද් භානුක පළමු කඩුල්ලට ලකුණු 77ක සාර්ථක ආරම්භයක් ගෙන දුන්නා.

එම සබඳතාව බිඳවැටුණේ මිනෝද් භානුක ලකුණු 36කට දැවී යාමත් සමඟයි.

අනතුරුව පිටියට පිවිසි භානුක රාජපක්ෂ පළමු පන්දුවෙන්ම දැවී ගියා.

අවිශ්ක ප්‍රනාන්දු අර්ධ ශතකයක් සහ ධනංජය ද සිල්වා ලකුණු 32ක් ලබා සිටියදී දැවී ගියේ අනවශ්‍ය කලබලය හේතුවෙන්.

සිය පළමු එක්දින අර්ධ ශතකය වාර්තා කළ චරිත් අසලංක ලකුණු 65ක් රැස් කළා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 නිමා කළේ කඩුලු 9ක් දැවී ලකුණු 275ක් ලබා ගනිමින්.

සිය වගකීම මෙම තරගයේදීත් ඉටු කළ චාමික කරුණාරත්න පන්දු 33කින් නොදැවී ලකුණු 44ක් රැස් කළේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 275 සීමාවට රැගෙන යමින්.පන්දු යැවීමේදී යුස්වේන්ද්‍රර් චාහල් කඩුලු 3ක් දවාගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඊළඟ මාලිමා ආණ්ඩුවේ අගමැති විජිත හේරත් හෙළි කරයි
04:03
Video thumbnail
තංගල්ල හොල්ලපු මාලිමා රැළියේ ඩ්‍රෝන කැමරාවේ වීඩියෝ මෙන්න
03:02
Video thumbnail
වේදිකාව උඩ ගලවපු පුෂ්පිකාගේ කිරුළ උසාවි නියෝගයකින් යළි පුෂ්පිකාටම
02:53
Video thumbnail
පරිප්පු බද්ද වැඩි කළේ සත 25කින් - කඩේ එවුන් රුපියල් 20කින් පරිප්පු වැඩි කරලා
11:35
Video thumbnail
හිටපු ජනපති ඉල්ලපු දේවල් දැකලා අනුර ජනපතිට හොඳටම තදවෙයි
06:07
Video thumbnail
මාස තුනෙන් අපි වැටෙනවාලු - පව් අප්පා ජනපති කියයි
05:31
Video thumbnail
අනුර ජනපති වෙලා රැළියක අමතපු පළවෙනි සැරේම කරපු සැර කතාව
32:20
Video thumbnail
මාලිමාවේ වැඩකාරයා ටිල්වින් වේදිකාව හොල්ලයි
11:31
Video thumbnail
මාලිමාවේ පළමු රැළිය උණුසුම් කරපු ජනප්‍රිය නිළිගේ කතාව මෙන්න
09:00
Video thumbnail
මාලිමාවේ තංගල්ලේ රැස්වීමට අනුර ජනපති හදිසියේ එයි
02:47

?