Rajapura Handi Oil
Rajapura Diabetic Powder

අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන්න එපා – ආගමන විගමන දෙපාර්තමේන්තුව හෙට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආගමන විගමන දෙපාර්තමේන්තුව හෙට (30) දින සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව දෙපාර්තමේතුවේ පාලක ජනරාල් චමින්ද පතිරාජ පවසනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය මෙන්ම ප්‍රාදේශීය කාර්යාල ද සාමාන්‍ය පරිදි හෙට (30) දිනයේ දී ක්රියතමක් බවයි ඔහු විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

හෙට (30) දින ක්‍රියාත්මක කරන වැඩ වර්ජනයට සම්බන්ධ ඇතැම් කණ්ඩායම් විසින් එම දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීම නිරීක්ෂණය වීම හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා විසින් මෙම නිවේදනය නිකුත් කිරීමට කටයුතු අර තිබෙනවා.

ඒ අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ඉටු කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම, වීසා සම්බන්ධ කටයුතු ඇතුළත්ව සාමාන්‍ය දිනවලදී සිදු කරනු ලබන සියලුම කටයුතු හෙට (30) දින ද කිසිදු බාධාවකින් හා ප්‍රමාදයකින් තොරව සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව දැනුම් දී තිබෙනවා.