2026 නැගී එන තරු අතර ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන A කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 216ක් රැස්කර ගැනීමට සමත් වුණා.
තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට සමත් වූ පාකිස්ථාන A කණ්ඩායම් නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.
ඒ අනුව පාකිස්ථානය පරදවා අපරාජිතව තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්රී ලංකාවට හිමිව ඇති ඉලක්කය 217ක්.
ශ්රී ලංකා A කණ්ඩායම මීට පෙර 2017 සහ 2018 වසර වල නැගී එන තරු අතර ආසියානු කුසලානය ජයග්රහණය කර තිබෙනවා.
පාකිස්ථාන A කණ්ඩායම පසුගිය 2025 වසරට අමතරව 2023 සහ 2019 යන වසර වලදී ද නැගී එන තරු අතර ආසියානු කුසලානය දිනා ගැනීමට ජයග්රහණය කිරීමට සමත්ව තිබෙනවා.
මෙවර තරගාවලියේ ප්රබල ඉන්දීය A කණ්ඩායම පරාජය කරමින් ශ්රී ලංකා A කණ්ඩායම අවසන් මහා තරගයට පිවිසි අතර, පාකිස්ථාන A කණ්ඩායම බංග්ලාදේශ A කණ්ඩායම පාරාජය කරමින් ශ්රී ලංකාව සමඟ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තා.










