රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති සහ සංගම් රැසක් හෙට (30) දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිත එක්දින සංකේත වැඩ වර්ජනයට සහාය පල කිරීමට
ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සාමාජිකයින්ගේ අද (29) පෙරවරුවේ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය ලබාදීමේ තීරණයට එළඹ ඇති බවයි වාර්තා වුණේ.
ඒ සංගමය සඳහන් කළේ හෙට (30) දිනයේ විවිධ වෘත්තීන් නියෝජනය කරන වෘත්තීය සමිති සහ සංගම් විසින් දිවයින පුරා කැඳවා ඇති වැඩවර්ජනයට සහාය ලබාදෙන ලෙසට ඉන්ධන බෙදුම්කරුවන්ගෙන් සිය සංගමය වෙත ඉල්ලීම් ලැබුණු බවයි.
ඒ, අනුව එම සංගමයේ විධායක සභාව ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද (29) පැවති සාකච්ඡාවේ දී මෙම අවසන් තීරණයට එළඹ තිබෙනවා.
මේ අතර රජයේ විශ්වවිද්‍යාල පද්ධතියේ ක්‍රියාත්මක විධායක, පරිපාලන, ස්වාධීන සහ දේශපාලන වෘත්තීය සමිති සේවකයන් දෙසැම්බර් 01 සහ 02 යන දෙදින තුළ වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.
විශ්වවිද්‍යාල සේවකයන්ගේ වැටුප්, දීමනා සහ අතිකාල දීමනා අයවැය මගින් කප්පාදු කිරීමට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹෙන බවයි
විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කළේ.
