හෙටා (30) දිනයේ දී රාජ්‍ය සේවකයින් පැවැත්වීමට නියමිත එක්දින සංකේත වැඩ වර්ජනය සඳහා සහභාගී නොවන බව සමස්ත ලංකා පාසල් සංවර්ධන නිලධාරී සංගමය දැනුම් දෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය අද (29) මේ බව සඳහන් කළා.
පාසල් පද්ධතිය තුළ දරුවන්ගේ අධ්‍යයන කටයුතු සහ පරිපාලන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වා ගෙන යාමේ අරමුණින් එම සංගමයේ සියලුම සාමාජිකයින් හෙට (30) දිනයේ දී සාමාන්‍ය පරිදි රාජකාරි සඳහා වාර්තා කරන බවයි එම සංගමය වැඩිදුරටත් දැනුම් දෙන්නේ.
බලාපොරොත්තු වූ ඉල්ලීම් 2027 අයවැයෙන් ඉටු නොවූ බව පවසමින් රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති සහ සංගම් රැසක් හෙට (30) දිනයේ දී එක්දින සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
