Rajapura Handi Oil
Rajapura Diabetic Powder

කොල්ලකරුවන් පිරිසකට ඇහැළියගොඩ දී පොලිසියෙන් වෙඩි

ඇහැළියගොඩ, පරකඩුව ප්‍රදේශයේ අඟුරුපාලම අසල දී වෑන් රථයක් පැහැරගෙන පලායමින් සිටියදී සැකකරුවන් පිරිසකට පොලිසිය විසින් වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

අද (28) පෙරවරු 10.30ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී එක් සැකකරුවෙක් තුවාල ලබා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් අයෙක් පලාගොස් තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයා ඇහැළියගොඩ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.