Rajapura Handi Oil
Rajapura Diabetic Powder

උලපනේ, ගඩොල් බෝක්කුව අසල දිට්වා සිහිකරන නැරඹුම් ස්ථානයක්

උලපනේ, ගඩොල් බෝක්කුව අසල දිට්වා සැමරුම් නැරඹුම් ස්ථානයක් ස්ථාපනය කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යය ප්‍රසන්න ගුණසේන පවසනවා.

දිට්වා සුළි කුනාටුවෙන් හානියට පත් වූ නාවලපිටිය උලපනේ ගඩොල් බෝක්කුව අසල දුම්රිය මාර්ගය සහ මහා මාර්ගය සංවර්ධනය වන ආකාරය නිරීක්ෂණය සඳහා ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යය ප්‍රසන්න ගුණසේන හා පාර්ලිමේන්තු මන්ත්‍රිනී තුෂාරි ජයසිංහ ඊයේ (26) දිනයේ දී සහභාගි වුණා.

එම නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, මහනුවර දිස්ත්‍රික්කයේ විශාලතම නාය යෑම මෙම ස්ථානයේ සිදුවූ ඉන් දුම්රිය මාර්ගයට සහ මහා මාර්ගයට දැඩි ලෙස හානි වූ බවයි.

මේ වන විට දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් අවසන් අදියරේ පවතින අතර, ගඩොල් බෝක්කුව ආසන්නයේ දුම්රිය මාර්ගය ඉදිරි මාස දෙක තුළ වැඩ නිම කිරීමට හැකි බවත්, 2027 අප්‍රේල් වන විට උඩරට දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම සාදා නිමකර දුම්රිය ගමනා ගමනයට යලි ආරම්භ කිරිමට තමන් බලාපොරොත්තු වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

එමෙන්ම දිට්වා සුළි කුණාටුව නිසා ජීවිතක්ෂයට පත් වූ, අතුරුදහන් වූ සහ විපතට පත් වූ සියලුදෙනා සිහිපත් කිරීමට මෙම සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව උලපනේ, ගඩොල් බෝක්කුව ප්‍රදේශයේ දිට්වා සැමරුම් සිහිවටන නැරඹුම් ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමටත් තීරණය කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කියා සිටියා.