චීන රජයට අත්‍යාවශ්‍යව සිටි චීන ජාතිකයන් පස්දෙනෙක් මෙරට විවිධ ප්‍රදේශවල සැගවී සිටියදී චීන රජයේ දැනුම්දීම මත ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමට ඔයේ (26) රාත්‍රියේ කටයුතු කර තිබුණා.
මෙම චීන ජාතිකයන් ශ්‍රී ලංකාවේ අගාමික සහ විගාමික පනතේ විධ්විධාන උල්ලංඝනය කරමින් මෙරට තුළ රැදී සිටිය දී අත්අඩංගුවට ගෙන වැලිසර රැදවුම් මධ්‍යස්ථානයේ රදවා සිටියා.
චීනය වෙත ගමන් ගන්නා ගුවන් යානා 02 කින් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් 08 දෙනෙකුගේ රැකවරණය යටතේ මොවුන්ව මෙලෙස පිටුවහල් කිරීමට කටයුතු කර තිබූ බවයි තොරතුරු වාර්තා වුණේ.
මින් පළමු චීන ජාතිකයන් තිදෙනා මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් 05 දෙනෙකු සමඟ ඊයේ (26) රාත්‍රී 08.50ට ෂැංහයි නුවර වෙත චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 6018 දරන ගුවන් යානයෙන් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිටුවහල් කර තිබෙනවා.
එමෙන්ම ඊයේ (26) රාත්‍රී 10.25 ට එයාර් චයිනා ගුවන් සේවයේ සී.ඒ.- 426 දරන ගුවන් යානයෙන් ඉතිරි චීන ජාතිකයන් දෙදෙනා සමඟ මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් තිදෙනකු චීනයේ චෙන්ඩු නුවර වෙත පිටුවහල් කිරීමටයි කටයුතු කර තිබුණේ.










