Rajapura Handi Oil
Rajapura Diabetic Powder

සුරේෂ් සලේ ඉදිරිපත් කළ පෙත්සමේ තීන්දුව ලබාදීම කල් යයි

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගැනීම සඳහා නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය බල රහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද නැද්ද යන නියෝගය ප්‍රකාශයට පත් කිරීම ජනවාරි මස 28 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කළා.

සුරේෂ් සලේ විසින් ඉදිරිපත් කළ මෙම රීට් පෙත්සම පිළිබඳව අභියාචනාධිකරණය විසින් මෑතකදී දීර්ඝ ලෙස කරුණු සලකා බැලීම සිදුකළ අධිකරණය එහි නියෝගය අද (27) දින ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කර තිබුණා.

එහෙත් මෙම නඩුකරය කැඳවූ අවස්ථාවේ දී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා නිවේදනය කළේ එම නියෝගය ප්‍රකාශයට පත් කිරීම ජනවාරි මස 28 වනදා සිදුකරන බවයි.