ත්‍රස්තවාදි සංවිධානවලට සම්බන්ධ පුද්ගලයින්ගේ නම් ඇතුළත් කරමින් 2013 ජුනි මස 11 වැනිදා නිකුත් කර තිබූ අති විශේෂ ගැසට් පත්‍රය සංශෝධනය කරමින් ආරක්ෂක අමාත්‍යාංශය විසින් නව අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.
එසේම, තලෙයිබාන් සංවිධානය, අල් – කයිඩා වැනි සංවිධාන සමග සම්බන්ධ පුද්ගලයින් මෙන්ම සබඳතා පවත්වන ආයතන සහ කණ්ඩායම් පිළිබද අලුතින් තොරතුරු ලැබී නොමැති බව මෙම ගැසට් පත්‍රයේ දැක්වෙනවා.
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සම්පත් තුයියකොන්තාගේ අත්සනින් යුතුව මෙම ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.










