ගල්කිස්ස පොලිසියට අනුයුක්තව රාජකාරිය කරමින් සිටියදී ගිනි අවියක් සොරකම් කර මෙරටින් පළාගිය පොලිස් කොස්තාපල්වරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී අත්අඩංගුවට ගෙන එරට සිට මෙරටට රැගෙන විත් තිබෙනවා.
මෙම පොලිස් කොස්තාපල්වරයා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් සමඟ සබඳතා පවත්වා ඇති බවත්, සිය රාජකාරී ටී – 56 ගිනි අවිය සොරකම්කර එය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අතට පත්කර ඇති බව සිදු කළ විමර්ශනවලදී අනාවරණ වුණා.
ඩුබායි වෙත පළා ගොස් සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් ඇත්තේ ජයකොඩි ආරච්චිගේ කවිඳු ආකාශ් ජයකොඩි නැමැති අයෙක්.
ඔහු අද (26) පෙරවරුවේ ගුවන් මඟින් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබෙනවා.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආරක්ෂක නිලධාරීන් පිරිසක් විසින් ඩුබායි වෙත ගොස් ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
සැකකරු අනුරාධපුර, පේමඩුව හැළඹගස්වැව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙක්.
ඔහු අද අලුයම 05.20ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් ඔහුව කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණා.
සැකකරුව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය වෙත රැගෙන යාමට නියමිතයි.
