Rajapura Handi Oil
Rajapura Diabetic Powder

තබ්බෝව ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කෙරේ

තබ්බෝව ජලාශයේ වාන් දොරටු දෙකක් අඟල් 6 බැගින් අද (25) රාත්‍රී 10:00 ට විවෘත කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එම ප්‍රදේශයට ලැබෙන අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, වාන් දොරටු විවෘත කිරීම මගින් මී ඔය වෙත තත්පරයට ඝන අඩි 220ක ජල ප්‍රමාණයක් නිකුත් කිරීමට අපේක්ෂා කරන බැවින්, තබ්බෝව ජලාශයට පහළ මී ඔය ගංගා ද්‍රෝණියේ ගංගාව දෙපස පදිංචි ජනතාව ගංගාවේ ජල මට්ටම් වෙනස්වීම පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කිරීම වැදගත් බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ.